ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ලබන ජූලි 01 වැනිදා විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ ශ්‍රී ලංකාවේ සිව්වැනි සමාලෝචනය ඇගයීමට නියමිත බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ගීතා ගෝපිනාත් මහත්මිය පවසයි.
පසුගියදා මෙරට සංචාරයක නිරත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂවරිය මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු දෙමින් මේ බව කීවාය.
මෙම වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට හිමිවීමට නියමිත මීළඟ වාරිකය වන ඇමෙරිකානු ඩොලර් මිලියන 344ක පමණ මුදල් පහසුකම ලැබීමට නම් මෙම සමාලෝචනය මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් අනුමත කළ යුතුව තිබේ.
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය අගය කළ ඇය උද්ධමනය සියයට 70 සිට – සියයට 0.7 දක්වා පහත වැටීම, දළ දේශීය නිෂ්පාදිතයේ කොටසක් ලෙස බදු ආදායමේ තුනෙන් දෙකක වැඩිවීමක් සහ විදේශ විනිමය සංචිත ඇමෙරිකානු ඩොලර් බිලියන 6.5 දක්වා ඉහළ යෑම යන ප්‍රගතීන් ද අගය කළාය.
ශ්‍යාම් නුවන් ගනේවත්ත