ඊශ්‍රායලයේ , බෙනිබරක් (Bnei Brak)ප්‍රදේශයට අද (16 ) එල්ලවූ ඉරාන මිසයිල ප්‍රහාරයකින් ශ්‍රී ලංකික තරුණයෙකුගේ පාදයට තුවාල සිදුව තිබෙන බව වාර්තාවේ . හෙතෙම ඊශ්‍රායලයේ ඉදිකරීම් කටයුතු රැකියාවක් සඳහා පැමිණි අයෙකි .
ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසන ආකාරයට එලෙස තුවාල ලබා ඇත්තේ අකුරැස්ස ප්‍රදේශයේ පදිංචි විමුක්ති මධුසංක නමැති තරුණයෙකි.තුවාල ලැබූ තරුණයා ප්‍රතිකාර සඳහා යොමු කිරීමට දැනට කටයුතු යොදමින් සිටින බව ද නිමල් බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ .
