ශ්‍රී ලංකාවේ දීර්ඝතම කාලයක් පුරා ක්‍රියාත්මකව පවතින පෞද්ගලික ජීවිත රක්ෂණ සමාගම වන යූනියන් ඇෂුවරන්ස්, විශිෂ්ට නායකත්ව ගුණාංග සහ සිය අදාළ කාර්යභාරයන් ජයග්‍රාහී ලෙස ඉටුකිරීමට සේවකයින් සවිබල ගන්වන සේවාස්ථාන සංස්කෘතියක් වැඩිදියුණු කිරීම සඳහා දක්වන සිය කැපවීම උදෙසා යළිත් වරක් ඇගයීමට ලක්ව ඇත.
සේවක පිරිස සම්බන්ධයෙන් සමාගම විසින් අඛණ්ඩව සිදුකරනු ලබන ආයෝජනය සහ සැබෑ නායකත්වය ඔස්සේ අර්ථවත් ප්‍රගතිය පවත්වා ගැනීමට එය නිරතුරුව දක්වන අවධානය උදෙසා සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවැති 2024 වසරේ විශිෂ්ට කළමනාකරුවන් සඳහා වූ සම්මාන උළෙල (Great Managers Awards 2024) මඟින් සමාගමට ඇගයුම් සැමරුම් පිරිනමනු ලැබිණි.
CLA Coaching & Consulting Inc විසින් පවත්වන ලද විශිෂ්ට කළමනාකරුවන් සඳහා වූ සම්මාන වැඩසටහන මඟින්, ව්‍යාපාර වර්ධනය මෙහෙයවීම, ආයතනික අරමුණු සමඟ තනි පුද්ගල දායකත්වය සමපාත කිරීම, වඩා ඉහළ කාර්යසාධනය සඳහා මඟපෙන්වීම, ඵලදායී කණ්ඩායම් ගොඩනැගීම සහ නායකත්වයේ ඒකාග්‍රතාවය රඳවා ගැනීම ඇතුළු මූලික ඇගයුම් නිර්ණායක පහක් පුරා කාර්යසාධනය තක්සේරු කරමින් කළමනාකාරිත්ව නායකත්වයේ ඵලදායීතාව මැනීම සම්බන්ධයෙන් ක්ෂේත්‍රයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.
යූනියන් ඇෂුවරන්ස් අඛණ්ඩව සිව්වැනි වසර සඳහාත් ‘විශිෂ්ට කළමනාකරුවන් සහිත සමාගමක්’ ලෙස ගෞරව ප්‍රණාමයට පාත්‍ර කරනු ලැබුවේ, දස්කම් හඳුනා ගනිමින්, විශිෂ්ටත්වය අගයමින් සහ පුද්ගල මෙන්ම වෘත්තීය වර්ධනය සඳහාද ඉඩ සලසන එහි ඉදිරිගාමී චින්තනයක් සහිත ජනතා උපායමාර්ගය අගයමිනි. එකිනෙකා වෙනුවෙන් සුවිශේෂ ලෙස සැකසූ මෙවලම් සහ නායකත්ව අවස්ථා සහිතව කුසලතා පාදක ක්‍රියාකාරීත්වය සහ සහයෝගය මත ගොඩනැගෙන මෙවැනි පරිසරයක් තුළදී තමන්ට අනන්‍ය වූ සුවිශේෂ ප්‍රගතියේ මංපෙත් වෙත යොමුවීමට සේවකයින්ට පෙළඹවීමක් ඇති වෙයි.
මෙම වසරේ, විශිෂ්ටයින් සත් දෙනෙක් සිය නායකත්ව කටයුතු වෙනුවෙන් ඇගයීමට ලක් වූහ. සහකාර උප සභාපති – මෙහෙයුම්/ජීවිත මෙහෙයුම්, චරිත බොතේජු, නායකත්ව ඒකාග්‍රතා හා සමස්ත ප්‍රවේශය පිළිබඳ විශිෂ්ට කළමනාකරු (Great Manager for Leadership Integrality an Holistic Approach) සඳහා වන සම්මානය හිමිකර ගත් අතර, සහකාර උප සභාපති – ප්‍රතිලේඛන අනුර හෙට්ටිකන්ද ආයතනික දැක්මට අනුකූලව කටයුතු කිරීම සඳහා විශිෂ්ට කළමනාකරු (Great Manager for Aligning Organisation Vision) ලෙස ඇගයුමට පාත්‍ර විය. නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නියෝජිතායතන බෙදාහැරීම්, කෝකිලන් කනපතිපිල්ලේ මෙන්ම ජේ්‍යෂ්ඨ ප්‍රාදේශීය කළමනාකරු, නිමලරාජ් තංගතුරෙයි ද ප්‍රතිඵල හා ක්‍රියාකාරීත්ව විශිෂ්ටත්වය පවත්වාගෙන යෑම (Great Manager for Driving Results and Execution Excellence) සඳහා සම්මාන හිමිකර ගත්හ. ජේ්‍යෂ්ඨ කළමනාකරු දත්ත ඉංජිනේරුකරණය හා විශ්ලේෂණ, කසුන් රත්නායක කණ්ඩායම් ඵලදායීතාව හා සහයෝගිතාව ගොඩනැංවීම සඳහා විශිෂ්ට කළමනාකරු ලෙස ඇගයුමට පාත්‍ර වූ අතර (Great Manager for Building Team Effectiveness and Collaboration), ජේ්‍යෂ්ඨ කළමනාකරු ඩිජිටල් යෙදවුම් එෂාන් ද සිල්වා විශිෂ්ට සහශ්‍ර කළමනාකරු (Great Millennial Manager) ලෙස ඇගයුමට පාත්‍ර විය. එයට අමතරව, කළමනාකාරිණී සන්නාමකරණ හා සන්නිවේදන, වෙනුරි උඩවත්ත ආයතනික දැක්මට අනුකූලව කටයුතු කිරීම සඳහා විශිෂ්ට කළමනාකරු (Great Manager for Aligning Organisation Vision) සම්මානය හිමිකර ගත්තාය.