නුවරඑලියේ සිට නානුඔය දක්වා පාසල් ළමුන් ප්‍රවාහනය කරන ලද ත්‍රිරෝද රථයක් ඊයේ (23දා) නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ නානුඔය උමං මාර්ගය අසලදී අනතුරට පත්ව ඇත. ත්‍රිරෝද රථයට ඉදිරියෙන් ධාවනය වූ ලොරි රථයක් අපරික්ෂාකාරී ලෙස ඉස්සර කර යෑමට උත්සහ කිරීමේදී රථය ලිස්සා ගොස් මාර්ගය අබියස පිහිටි කොන්ක්‍රීට් බැම්මේ වැදී ඇත. අනතුරි පාසල් ළමුන් තිදෙනාට හෝ රියැදුරුට කිසිදු තුවාලයක් සිදු වී නැත. ත්‍රිරෝද රථයට දැඩි අලාභහානි සිදු වී ඇත.
නුවරඑලිය ප්‍රදේශයේ පවතින අයහපත් කාලගුණ තත්ත්වය සහ දැඩි මීදුම් තත්ත්වය හේතුවෙන් එම මාර්ගයේ රථවාහන ධාවනය කිරීමේ දී සැලකිලිමත්ව රිය ධාවනය කරන ලෙස නානුඔය පොලිසිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටියි.
නුවරඑලිය – නාලක රත්නායක