Thursday, 12 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: ප්‍රශ්නගත බහලුම් 309 තිබුණේ ආනයනකරුවන් රේගුවට ප්‍රකාශ කළ භාණ්ඩ පමණක් බව විශ්වාසයි – අතිරේක රේගු අධ්‍යක්‍ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Thursday, 12 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: ප්‍රශ්නගත බහලුම් 309 තිබුණේ ආනයනකරුවන් රේගුවට ප්‍රකාශ කළ භාණ්ඩ පමණක් බව විශ්වාසයි – අතිරේක රේගු අධ්‍යක්‍ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

ප්‍රශ්නගත බහලුම් 309 තිබුණේ ආනයනකරුවන් රේගුවට ප්‍රකාශ කළ භාණ්ඩ පමණක් බව විශ්වාසයි – අතිරේක රේගු අධ්‍යක්‍ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ

3 days ago
833 Views

ආයුධ, රත්රන්, මත්ද්‍රව්‍ය කිසිවක් නෑ

ආන්දෝලනයට ලක්ව තිබෙන රේගුවෙන් නිදහස් කළ ප්‍රශ්නගත බහලුම්වල තිබුණේ ආනයනකරුවන් විසින් රේගුවට ප්‍රකාශ කරන භාණ්ඩ පමණක් බවට විශ්වාස කරන බව අතිරේක රේගු අධ්‍යක්‍ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා ඊයේ (08දා) පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී පැවැසීය.

එම බහාලුම් නිදහස් කිරීමට පෙර ආනයන සටහන්වල සියලුම ලියැකියවිලි පරීක්ෂා කිරීමට පියවර ගත් බව රේගුව විසින් අනුගමනය කළ ක්‍රියාමාර්ග හේතුවෙන් කිසිදු නීති විරෝධී දෙයක් අදාළ බහාලුම් තුළ අන්තර්ගතව නොතිබූ බවට තමන් විශ්වාස කරන බවත් අරුක්ගොඩ මහතා පැවැසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා,

“ආනයනය කරපු මේ බහාලුම්වල තිබුණේ කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ප්ලාස්ටික්, නූල් වර්ග, රසායන ද්‍රව්‍ය, මෝටර් රථ අමතර කොටස්, සත්ත්ව ආහාර, මැෂින් වර්ග, පලිබෝධනාශක, සිමෙන්ති, යකඩ පයිප් වර්ග, පොහොර, දැව වගේ දේවල් තමයි. මේ බහාලුම් ගොඩක් ආනයනය කරලා තිබුණේ ඉන්දියාවෙන් සහ චීනයෙන්. ඊට අමතරව ඉන්දුනීසියාව, හොංකොංග්, සිංගප්පූරුව, මැලේසියාව, ස්විස්ටර්ලන්තය, දකුණු කොරියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය වගේ රටවලිනුත් මේ බහාලුම් ආනයනය කරලා තිබුණා.

මේ බහාලුම් නිදහස් කිරීමේ දී අපි අනුගමනය කරන ලද ක්‍රමවේදය නිසා අපි විශ්වාස කරනවා මේ බහාලුම්වල තිබුණේ ආනයනකරුවන් විසින් රේගුවට ප්‍රකාශ කරන ලද භාණ්ඩ පමණයි කියලා. මේ භාණ්ඩ නිදහස් කිරීමේ ආනයන සටහන්වල සියලුම ලියැකියවිලි පරීක්ෂා කරලා තමයි මේ බහාලුම් නිදහස් කිරීම සිදු කළේ.

පසුගිය කාලේ අපිට චෝදනා නඟලා තිබුණා ආයුධ තියෙන්න පුළුවන් කියලා. රත්රන් තියෙන්න පුළුවන් කියලා. එහෙම නැත්නම් මත්ද්‍රව්‍ය තියෙන්න පුළුවන් කියලා… ඉතිං අපි තෝරාගන්න මේ ක්‍රමවේද අනුගමනය කරපු නිසා අපිට විශ්වාසයෙන් කියන්න පුළුවන් මේ බහාලුම්වල ඔය කියන කිසිම දෙයක් තිබුණේ නෑ කියන එක.

කෙසේ වෙතත් මේ සම්බන්ධව දැඩි කතා බහක් ඇති වෙලා තියෙන නිසාම ශ්‍රී ලංකා රේගුව මේ සඳහා පශ්චාත් නිශ්කාශන විගණනයක් සිදු කිරීමට තීරණය කළා. ඒ සඳහා පශ්චාත් නිගමන අංශයෙන් මේ වනවිටත් විගණනයක් සිදු කරමින් යනවා. ඒ වගේම මුදල් අමාත්‍යාංශ ලේකම්තුමා විසින් පත් කරන ලද ඉහළ පෙළේ කමිටුවක් මගින් මේ සමස්ත ක්‍රියාදාමය විමර්ශනයට ලක් කරලා තියෙනවා. රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු සියලුම නිලධාරීන් මේ කමිටුවට ගිහිල්ලා විස්තර ලබාදීලා තියෙනවා. ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් අපි විස්තර ලබාදීලා තියෙනවා. ඒ නිසා අපිට කිසිම සැකයක් නැහැ.

ඒ වගේම මේ බහාලුම් නිදහස් කර ගැනීමේ ක්‍රියාවලියේදී වෙන කිසිම පාර්ශ්වයකින් අණක් හෝ බලපෑමක් සිදුවුණේ නෑ. ඒක මට බොහොම ස්ථිරවම කියන්න පුළුවන්.

2025 ජනවාරි මස 18 වැනිදා නිදහස් කරපු බහාලුම් ගැනනේ මේ කතා බහ ඇති වුණේ. එදින නිදහස් කරපු බහාලුම් අතර ආනයනකරුවන් 180 දෙනෙක් හිටියා. රේගු සටහන් අංක 234 ක් අපිට මේ ආනයනකරුවන්ගෙන් ලැබුණා. ඒ තුළින් බහාලුම් 309 ක් තමයි නිදහස් කරලා තියෙන්නේ. බහාලුම් 371 ක් තිබුණා. එයින් 62ක්ම අපේ දත්ත පද්ධතිය මගින් ඔටෝ නිදහස් වෙච්ච ඒවා. කමිටුව මගින් 309 යි නිදහස් කළේ.

එතකොට ඒ ආනයනකරුවන්ට අදාළ සියලු විස්තර අපි සතුව තියෙනවා. ඔවුන්ගේ නම් ලිපිනය, ඔවුන්ගේ සමාගමක් නම් එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය කවුද, මේවා නිශ්කාශනය කළේ කවුද කියන සියලු විස්තර අපි ගාව තියෙනවා. ඒ වගේම බහාලුම් අංකත් අපි සතුව තියෙනවා. මේ සියලු විස්තර අපි අවශ්‍ය තැන්වලට සපයලා තියෙනවා.

අපි අවදානම් කළමනාකරණ ක්‍රමවේදයක් හරහා තමයි තෝරාගන්නේ මොනවාද පරීක්ෂා කළ යුත්තේ මොනවාද පරීක්ෂා නොකළ යුත්තේ කියලා. මම කලින් කියුවා වගේ 60% ක ප්‍රමාණයක් අපි පරීක්ෂා නොකර යවනවා. පරීක්ෂා නොකර බහාලුමක් නිදහස් කරනවා කියන එක රේගුවට අලුත් දෙයක් නෙමෙයි. ඒක එදාත් සිද්ධ වුණා. අදත් සිද්ධ වෙනවා ඉදිරියටත් සිද්ධ වෙනවා. මේ අවදානම මත තමයි අපි තීරණය ගන්නේ.”

චමින්ද සිල්වා

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

මා මළ පසු මළසිරුර ඇතුමල්පිටිය නිවෙසේ තැන්පත් කරන්න – ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන

2 days ago

මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසී

4 days ago

දුවගේ ගවුමක් වනලා කෝච්චිය නතර කරගත්තා

6 days ago

අශෝක අධිරාජ්‍යයා තැනූ ස්ථූපයකින් සොයාගත් සර්වඥ ධාතු ප්‍රදර්ශනයකට ඉන්දියාව සැරසෙයි

3 days ago

මං මර්වින්

4 days ago
Related News
ප්‍රධාන පුවත්

විදුලි බිල 15%කින් උස්සයි

ප්‍රධාන පුවත්

සිරකරුවන් නිදහස් කිරීමේ වංචාව ගැන උසාවියත් පුදුම වෙන විස්තර ඊළඟ නඩු දින කියනවා

ප්‍රධාන පුවත්

ජනපති අනුර ජර්මනියේදී හරසරින් පිළිගැනේ

ප්‍රධාන පුවත්

ස්වාධීන මන්ත්‍රීන් 2 කගේ සහායෙන් බණ්ඩාරවෙල නගරාධිපති ධුරය මාලිමාවට

ප්‍රධාන පුවත්

අනුරාධපුර බන්ධනාගාර අධිකාරි හෙට තෙක් යළි රිමාන්ඩ්

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok