Monday, 14 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: සෝලා ගණන් අඩු කිරීම පිටුපස කුමන්ත්‍රණයක්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Monday, 14 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: සෝලා ගණන් අඩු කිරීම පිටුපස කුමන්ත්‍රණයක්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

සෝලා ගණන් අඩු කිරීම පිටුපස කුමන්ත්‍රණයක්

June 29, 2025
282 Views

වහලය මත සවි කරන සූර්ය පැනල මගින් නිපදවන විදුලිය සඳහා ලබා දෙනු ලබන ගෙවීම් අඩු කිරීම පිටුපස පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධන වැඩසටහන කඩාකප්පල් කිරීමේ කුමන්ත්‍රණයක් තිබෙන බව එම ක්ෂේත්‍රයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

එකී කුමන්ත්‍රණය පිටුපස අමාත්‍යාංශයේ ඉහළම නිලධාරියකු සහ ලංකා විදුලිබල මණ්ඩලයේ ඉහළම නිලධාරීන් කීපදෙනකු සිටින බව සඳහන්ය.

විෂය භාර ඇමැතිවරයා ද නොමඟ යවමින් තාප බලාගාර ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් එකී පිරිස මෙම කටයුතු සිදුකරන බව පැවසෙයි.

පසුගිය වසර පහ තුළ තාප බලාගාර ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්ධන මිලට ගැනීම වෙනුවෙන් රුපියල් බිලියන 744 තරම් වූ දැවැන්ත වියදමක් සිදුකර ඇති අතර එහිදී විදුලි ඒකකයක් නිපදවීම සඳහා රුපියල් 60.61 තරම් අධික පිරිවැයක් දරා තිබේ.

සූර්ය පැනල සඳහා මීට පෙර ගෙවනු ලැබූ රුපියල් 27.00 ගෙවීම් පසුගියදා 16 වැනිදා රැස්වූ කැබිනට් මණ්ඩල රැස්වීමේදී රුපියල් 20.90 සිට රුපියල් 14.46 දක්වා වූ පරාසය තුළ අඩුකිරීමට පියවර ගෙන ඇත.

මේ අතර, බැටරියක් සහිතව වහලය මත සවි කරන සූර්ය පැනල පද්ධති මගින් නිපදවන විදුලි ඒකකයක් සඳහා කරන ගෙවීම් ඉහළ දැමීමට (රු. 45.80) ලංවිම ක්‍රියාකර ඇති අතර එය මුළුමනින්ම ජනතාව මුළා කිරීමක් බව පුනර්ජනනීය බලශක්ති සංවර්ධකයන්ගේ සංගමය සඳහන් කරයි.

බැටරියක් සඳහා සිදු කළ යුතු වියදම ඉතා අධික එකක් බැවින් එකී ගෙවීම් ඉතා අඩු එකක් බව ඔවුහු කියති.

තාප බලාගාර මගින් නිෂ්පාදනය කෙරෙන විදුලි ඒකකයක් වෙනුවෙන් සාමාන්‍යයක් ලෙස රුපියල් 60.61 වැය වීමේ පසුබිම තුළ පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය නොකිරීම විමතියට කාරණයක් බවත් ඔවුහු වැඩිදුරටත් සඳහන් කරති.

බලධාරීන්ගේ මෙම තීරණ බලශක්ති ක්ෂේත්‍රය අස්ථාවර කිරීමටත්, ආයෝජකයන්ගේ විශ්වාසය බිඳ දැමීමටත් හේතුවක් මෙන්ම ඉදිරි බලශක්ති ඉලක්ක අනතුරේ හෙළීමක් බවත් එම සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.

සිරිමන්ත රත්නසේකර

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ඇහැලේපොළ වලව්වෙන් දිස්වන අතීත ශ්‍රී විභූතිය

July 9, 2025

ලන්ඩනයේදී ගුවන් යානයක් කඩා වැටේ

July 14, 2025

ඊළාම් යුද්ධයේ අවසන් පැය කිහිපය ඇසින් දුටු සාක්ෂිකරුවා ඉන්දියානු මාධ්‍යවේදී මුරලි රෙඩ්ඩි

July 9, 2025

රාජ නාගයකු බේරාගත් කේරළ වන නිලධාරිනිය සමාජ මාධ්‍ය කලඹයි

July 8, 2025

රවි කටකයට

July 13, 2025
Related News
ප්‍රධාන පුවත්

හම්බන්තොට කුරුලු උයනේ වාහන රජදහනක්

ප්‍රධාන පුවත්

නිදහස් කරගැනීමට නොහැකිව ආනයනය කළ වාහන දහසක් මාස 2ක් තිස්සේ වරායේ හිරවෙලා!

ප්‍රධාන පුවත්

ලුස් පොල්තෙල් අලෙවිය නතර කිරීමට කැබිනට් පත්‍රිකාවක්

ප්‍රධාන පුවත්

‘අහෝ දුකකි: පිරමීඩ උගුලකි’ – මහ බැංකුවෙන් දැනුවත් කිරීමේ සතියක්

ප්‍රධාන පුවත්

බදු අඩු කරගත් අයුරින් ඇමෙරිකාව සමග දිගටම සාකච්ඡා කර තවත් සහන ලබා ගන්නවා

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok