ඉරානය සහ ඊශ්‍රායලය අතර මේ වනවිට උද්ගතව ඇති යුදමය තත්ත්වය හමුවේ ලෙබනනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට හදිසි අවස්ථාවකදී තොරතුරු දැනගැනීම සඳහා ලෙබනනයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් දුරකථන අංක කීපයක් හඳුන්වා දී තිබේ.
ඒ අනුව හදිසි අවශ්‍යතාවයක් ඇති වුවහොත් 00961 – 81 549 162 හෝ 009 61 – 81 363 894 යන අංක අමතා තොරතුරු ලබාගැනීමේ හැකියාව පවතින බව එම කාර්යාලය පවසයි.
එසේම පවතින තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින් සුපිරික්ෂාකාරීව පසුවන ලෙසත්, එළිමහනේ ගැවසීමේදී තමන්ගේ ලෙබනන් හැඳුනුම්පත හෝ ගමන් බලපත්‍රයේ ඡායා පිටපතක් ළඟ තබා ගන්නා ලෙසත් එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට, තානාපති කාර්යාලය වැඩිදුරටත් උපදෙස් ලබා දී තිබේ.
සුජීව තත්සර