Wednesday, 16 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ගුණාත්මක යුද හමුදාවක් පවත්වාගෙන යෑමට ගන්නා තීරණ වැරදි ලෙස සමාජගත කරන්න එපා
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Wednesday, 16 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ගුණාත්මක යුද හමුදාවක් පවත්වාගෙන යෑමට ගන්නා තීරණ වැරදි ලෙස සමාජගත කරන්න එපා
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

ගුණාත්මක යුද හමුදාවක් පවත්වාගෙන යෑමට ගන්නා තීරණ වැරදි ලෙස සමාජගත කරන්න එපා

June 23, 2025
1485 Views

යුද හමුදාව සමාජ මාධ්‍යවලින් ඉල්ලයි

රටේ යහපත උදෙසා ගුණාත්මක හමුදාවක් පවත්වාගෙන යෑමට රජය ගන්නා තීරණ ඇතැම් සමාජ මාධ්‍ය වැරදි ලෙස සමාජගත කිරීම නිසා එය රටට අහිතකර ලෙස බලපාන බව ශ්‍රී ලංකා යුද හමුදාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ශ්‍රී ලංකා යුද හමුදාව සිවිල් සමාජය තුළ අපකීර්තියට පත් කිරීමේ අරමුණෙන් ඇතැම් සමාජ මාධ්‍ය ජාලා සමාජගත කර ඇති කරුණු කිහිපයක් සාවද්‍ය තොරතුරු බවට සනාථ කිරීමේ අරමුණෙන් එම නිවේදනය නිකුත් කර තිබේ.

යුද හමුදාව මගින් කූට ලේඛන සාදා ජනාධිපතිවරයාගේ අනුමැතියෙන් තොරව නිලධාරීන් කිහිපදෙනකු වංචනිකව හමුදාවෙන් ඉවත් කර ඇති බවත් තවත් නිලධාරීන් පිරිසක් පෞද්ගලික කෝන්තර මත යුද හමුදාවෙන් ඉවත් කිරීමට කටයුතු කරමින් සිටින බවත් ඇතැම් සමාජ මාධ්‍ය මගින් ප්‍රකාශ කර ඇත.

විවිධ පාර්ශ්ව සිය පටු අරමුණු ඉෂ්ට කර ගැනීම සඳහා වගකීම් විරහිතව තොරතුරු සමාජගත කරමින් සිටින බවත් ආරක්‍ෂක හේතු මත යුද හමුදාවේ සිදුවන සෑම කටයුත්තක්ම සමාජයට අනාවරණය කළ නොහැකි බවත් යුද හමුදාව පෙන්වා දෙයි.

යුද හමුදාව පෞද්ගලික න්‍යාය පත්‍රයක් හා පළිගැනීම් මත ක්‍රියාකරන ආයතනයක් බවට සමාජය තුළ වැරදි ආකල්පයක් ඇති කිරීමට ඇතැම් සමාජ මාධ්‍ය ගත් උත්සාහයක් බවට සමාජය දැනුවත් කිරීමේ අරමුණින් එම නිවේදනය නිකුත් කර තිබේ.

යුද හමුදාවේ නිලධාරි සංයුතියට අනුව එය පහළ සිට ඉහළට පිරිමීඩාකාරව හැඩගැන්වී ඇති ආයතනයකි. පහළ ස්තරවල නිලධාරීන් විශාල සංඛ්‍යාවක් සිටින නමුත් ඉහළට යෑමේදී එය ක්‍රමානුකූලව කුඩා වේ. එම පිරමීඩාකාර ක්‍රමවේදය නිසි පරිදි පවත්වාගෙන යෑමට යුද හමුදාව විවිධ පරිපාලන නිර්ණායකක් ක්‍රියාත්මක කරයි.

එම නිර්ණායක සපුරාලිය නොහැකි වන නිලධාරීන්ට සේවයෙන් ඉවත් වීමට සිදුවේ. හමුදා නිලධාරීන් විශ්‍රාම ගැනීම් හා ඉවත්වීම් පිළිබඳ නිලධාරි රෙගුලාසි මාලාව තුළ පැහැදිලිව දක්වා ඇති අතර ලොව බොහෝ රටවල හමුදාවන් කරන පිළිවෙත් ක්‍රමවේදයට අනුව නිලධාරීන්ගේ ඉවත්වීම හා විශ්‍රාම යෑම සිදුවේ.

යම් නිලධාරියකුට අසාධාරණයක් සිදුවී ඇති බවට හැඟෙන්නේ නම් ඒ පිළිබඳව උපදේශන මණ්ඩලය ඉදිරියේ කරුණු දැක්වීමට අවස්ථාව ද හිමිවේ.

යුද හමුදාව යනු ජාතික ආරක්‍ෂාව සැබැඳිව කටයුතු කරන ත්‍රිවිධ හමුදාවේ ප්‍රධානතම කොටස්කරුවකු බවත් එවැනි ආයතනයක රැඳීසිටිය යුතු වන්නේ විනයගරුක හා කාර්යක්ෂම අයවලුන් පමණක් බවත් එසේ නොමැති වුවහොත් යුද හමුදාවේ ගුණාත්මක බව අඩුවීමත් එය ජාතික ආරක්‍ෂාව කෙරෙහි බලපාන බවත් ගුණාත්මක යුද හමුදාවක් පවත්වාගෙන යෑම සඳහා ගනු ලබන තීරණ වැරදි ලෙස සමාජගත නොකරන ලෙස යුද හමුදාව සමාජ මාධ්‍ය ජාලාවලින් ඉල්ලා සිටී.
ධම්මික සල්වතුර

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ලන්ඩනයේදී ගුවන් යානයක් කඩා වැටේ

July 14, 2025

අහමදාබාද් ගුවන් අනතුර ඉන්ධන වසා දැමුවේ කපිතාන් සුමිත්ද?

July 14, 2025

හිටපු ඇමැතිගේ මිනීමැරුම යළි එළියට

July 16, 2025

රවි කටකයට

July 13, 2025

සාපෙළ විෂයන් 07කට සීමා කෙරේ

July 15, 2025
Related News
ප්‍රධාන පුවත්

දින 29ක් රිමාන්ඩ් භාරයේ සිටි වෛද්‍ය මහේෂිට ඇප

ප්‍රධාන පුවත්

භාතිය දෑස් පියාගනී

ප්‍රධාන පුවත්

රටට පිළිගත හැකි ආර්ථික දර්ශනයක් ඉදිරිපත් කළ යුතුයි – කළමනාකරණ කමිටුව හමුවේ සජබ මන්ත්‍රීවරු කියති

ප්‍රධාන පුවත්

ශ්‍රී ලන්කන් හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ දැඩි ඇප කොන්දේසි මත මුදාහරී

ප්‍රධාන පුවත්

වර්ජනවලින් තැපෑලට කිසිම වාසියක් නෑ – ඇමැති නලින්ද ජයතිස්ස

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok