දුම්රිය මාර්ග නිසිආකාරව නඩත්තු කිරීම, යාවත්කාලීන කිරීම, දුම්රිය සේවය නව තාක්‍ෂණය සමග ඒකාබද්ධ කිරීම, සංඥා පද්ධති වැඩිදියුණු කිරීම, කාර්ය මණ්ඩල බඳවා ගැනීම සහ සේවක සුබසාධනය ඇතුළු කාර්යයන් සපුරාලීම මගින් කාර්යක්‍ෂම දුම්රිය සේවාවක් ලබාදෙන්න පුළුවන්. ඒ සඳහා වෘත්තීය සමිති ඇතුලු සියලු කාර්ය මණ්ඩලවල සහයෝගය අත්‍යවශ්‍ය බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසී ය.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කලේ පසුගිය දා වෙරළබඩ දුම්රිය මාර්ගයේ දී ‘සාගරිකා’ දුම්රිය අනතුරට පත්වීම වළක්වා ජීවිත හා දේපළ ආරක්‍ෂා කිරීම සඳහා කැපවූ සමත්න ප්‍රනාන්දු මහතා සහ දුම්රිය රියැදුරු විදර්ශන මහතා ඇගයීම වෙනුවෙන් වරාය අමාත්‍යාංශයේ දී පැවති උත්සව සභාවක් අමතමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා :
දුම්රිය ගොඩනැංවීමේ වැඩපිළිවෙල අපිට කරන්න සිදුවෙලා තියෙනවා. ඊට වසර කිහිපයක් ගතවෙනවා. ඒ සඳහා රජය උපරිම ලෙස දායක වෙනවා. දුම්රිය අනතුරු වළක්වා ගැනීම්, අවළංගුවීම් සහ ප්‍රමාදයන් අවම කරමින්, මගීන්ගේ පහසුකම් වැඩි කිරීමට කටයුතු කළ යුතුව තිබෙනවා. දුම්රිය කළමනාකාරීත්වයේ මන්දගාමී ස්වභාවයට සහ පවතින රියදුරු හිඟයට පිළියම් යොදා ජනතාවට සුවපහසු සේවාවක් ලබාදෙන්න වැඩපිළිවලක් අපි සකස් කරලා තියෙනවා, යනුවෙන් පැවසී ය.


