ලංකා සීනි සමාගමට අයත් සෙවනගල සීනි කර්මාන්තායතනය නැරඹීමට පැමිණෙන ජනතාවට සීනි මිල දී ගැනීම වෙනුවෙන් කම්මල් භූමියේ අලෙවිසැලක් විවෘත කිරීම සිදුකෙරිණි.
හොඳම දේ අපෙන් රටට යන තේමාව යටතේ පළමු පියවර ලෙස මෙම අලෙවි සැල විවෘතකළ අතර ඉදිරියේදී ආයතනයේ සීනි මිලදීගැනීම සඳහා අලෙවිසැල් රට පුරා සෑම නගරයකම ස්ථාපිත කිරීමට පාලන අධිකාරිය සැලසුම්කර ඇත.