බහින්බස්වීමක් දුර දිග යාමෙන් පසු හෙල්මටයකින් පහරදී තමන්ගේ ඥාතියෙකු ඝාතනය කළ බව කියන අයෙකු බුලත්සිංහල පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත .
මෙම පහරදීමෙන් මිය ගොස් ඇත්තේ බුලත්සිංහල ,හල්වතුර එපිටවත්තේ පදිංචිකරුවෙකුවූ පාලිත සමන් කුමාර නම්වූ 30 හැවිරිදි අයෙකි .
පසුගිය 23දා රාත්‍රී 9.45 ට පමණ මිය ගිය අය යතුරු පැදියෙන් අසල්වැසියෙකුගේ නිවසට ගොස් ඇති බවත් ඒ අසල පදිංචි සැකකරු පැමිණ බහින්බස්වීමක් ඇති කරගෙන හෙල්මටයෙන් පහරදී ඇති බවත් පොලිසිය කියයි .
මෙම පහරදීමෙන් බිම වැටී ඇති මොහු ත්‍රීරෝද රථයකින් ඉංගිරිය රෝහලට ගෙන ගොස් ඇති අතර එතැනින් හොරණ මූලික රෝහලට මාරු කර යවා තිබේ. එහි ප්‍රතිකාර ලබමින් සිටියදී 24 වැනි දින සවස 6.15 ට පමණ මොහු මිය ගොස් ඇත.