මිද්දෙණිය, තෝරකොළයාය ප්‍රදේශයේදී පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් වෙඩි තබා ඝාතනය කළ තරුණයින් දෙදෙනෙකුගේ සිරුරු සොයාගෙන ඇත.
අද (25දා) උදෑසන මෙම වෙඩිතැබීම සිදුව ඇති අතර වයස අවුරුදු 25ත් – 30ක් අතර වයස්වල තරුණයින් දෙදෙනෙකු මෙසේ ඝාතනය වී ඇතැයි පොලිසිය කියයි.
වෙඩිතැබීම කුමන හේතුවක් මත කවුරුන් විසින් සිදුකර ඇත්ද යන්න මෙතෙක් අනාවරණය වී නැත.