අග්නිදිග විශ්ව විද්‍යාලයේ නවකවද සිද්ධියට අදාළව සිසුන් 22 දෙනකුගේ පන්ති තහනම් කිරීමට විශ්ව විද්‍යාල බලධාරීන් පියවර ගෙන තිබේ.නවක සිසුන් පිරිසකට ඉතා අමානුෂික අන්දමින් නවක වදය දෙන වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමඟ ඒ පිළිබඳ සිදුකළ මූලික විමර්ශනවලින් පසුව මෙම තීරණය ගෙන තිබේ.මෙලෙස පන්ති තහනමට ලක්ව ඇත්තේ ඉංජිනේරු පීඨයේ දෙවන හා තෙවන වසරේ සිසුන් 22 දෙනෙකි.ඊට අමතරව පොලිසිය විසින්ද නවක වධය ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වයි.
Reading: අග්නිදිග විශ්ව විද්‍යාලයේ සිසුන් 20 කට තහනමක්!