තොග සහ සිල්ලර වෙළෙඳපොළේ පොල් ගෙඩියක මිල පහළ ගොස් ඇත.
පොල් ගෙඩියක සිල්ලර මිල රුපියල් 150-180 ක් දක්වා පහළ ගොස් තිබේ. කොළඹ පොල් වෙන්දේසියේ පොල් ගෙඩියක තොග මිල රුපියල් 120ක් දක්වා පහළ ගොස් ඇත.
මෙරට දෛනික පරිභෝජනය ගෙඩි ලක්ෂ 45කි. පොල් හිගය, මිල ඉහළ යෑමත් සමග දෛනික පරිභෝජනය ගෙඩි ලක්ෂ 30-35ක් දක්වා පහළ ගියේය. මිල පහළ යෑමත් සමග යළි පාරිභෝගිකයෝ සාමාන්‍ය පරිදි පොල් පරිභෝජනයට පෙළඹී සිටිති.
දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථානවලට සාමාන්‍ය පරිදි පොල් තොග සැපයෙන බව තොග වෙළෙන්දෝ පවසති. ප්‍රධාන නගර සහ උප නගරවල පොල් සැපයුම සාමාන්‍ය ලෙස සිදු කෙරෙන බව ද තොග වෙළෙන්දෝ පැවැසූහ. ජූලි මාසයෙන් පසුව පොල් මිල තවදුරටත් පහළ යනු ඇතැයි ඔවුහු පැවසූහ.
වතු ආශ්‍රිතව සහ නගරයෙන් බැහැර අති දුෂ්කර ග්‍රාමීය ප්‍රදේශවල පොල් ගෙඩියක මිල රුපියල් 180 ක අවම මිලකට අලෙවි කෙරේ. වන සතුන්ගෙන් පොල් වගාවට සිදුවන හානි පහව ගොස් නැතැයි පොල් වගාකරුවෝ මැසිවිලි නගති.
නිමල් ගුණතිලක