හොරණ-කොළඹ මාර්ග අංක 120 පෞද්ගලික බස් රථ අද (25දා) දින ධාවනයෙන් ඉවත් වීමට තීරණය කර ඇත.
නිසි ක්‍රමවේදයෙන් පරිබාහිරව මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරීයේ සභාපතිවරයා විසින් මිල්ලෑව හොරණ හරහා කොළඹ දක්වා නව බස්රථයක් යෙදවීමට විරෝධය පළකරමිනි.
හොරණ-කොළඹ පෞද්ගලික බස් රථ හිමි සංගමයේ සභාපති ජනක ගුණසිරි මහතා පවසා සිටියේ මේ සඳහා විසඳුමක් නොලැබුණහොත් ඉදිරියේදී සෙසු මාර්ග ද මෙම විරෝධතාවයට එක්කර ගන්නා බවය.