බෝරා ආගම අදහන ප්‍රජාවගේ ආධ්‍යාත්මික නායකයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ කොටුව ඩී. ආර්. විජයවර්ධන මාවතේ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී අද (25) සමුළුවක් පැවැත්වේ.මෙම සමුළුව අද සහ ලබන 27 වැනිදා සිට ජූලි 5 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබේ.ඒ සඳහා බැතිමතුන් විශාල සංඛ්‍යාවක් සහභාගී වන බැවින් පෙරවරු 7.00 සිට පස්වරු 10.00 දක්වා මරදාන ඩාර්ලි පාර, ගාමිනී වටරවුමෙන් ඩී ආර් විජය වර්ධන මාවතට බහාලුම් රථ, ගල් වැලි පටවන ලද ටිපර් රථ ඇතුළු වීම සීමා කරන බව රථවාහන පොලිසිය පවසයි.එසේම ලබන 27 වැනිදා සිට ලබන 5 වැනිදා දක්වා පෙරවරු 7.00ත් පෙරවරු 11.30 දක්වා සහ පස්වරු 3.00 සිට රාත්‍රී 10.00 දක්වා බම්බලපිටිය බෝරා මුස්ලිම් දේවස්ථානයේදී සමුළුව පැවැත්වෙයි.එම කාලය තුළ වැල්ලවත්ත දෙස සිට මුහුදුබඩ මාර්ගයේ කොල්ලුපිටිය දෙසටත් කොල්ලෝ පිටිය සිට වම්බලපිටිය හරහා වැල්ලවත්ත දෙසටත් කන්ටේනර් රථ, ගල්, වැලි පැටවූ ටිපර් ධාවනය සීමා කරන බවයි.
Reading: කොළඹ එනවානම් මේ ගැනත් දැනුවත් වෙන්න