පුරාවිද්‍යා සුරැකීමේ සංවිධානයේ සභාපති උඩස්ගිරියේ සමිත හිමි
ලෝක උරුමයක් මෙන්ම පුරාවිද්‍යා අධිරක්ෂිතයක් ද වූ මහනුවර දළදා මාලිගාව ඉදිරිපස නාථ දේවාලය සමීපයේ යටත් විජිත සමයේ ඉදිකළ ගොඩනැඟිල්ලක උඩුමහලේ ඉතා රහසිගතව පිහිනුම් තටාකයක් ඉදිකරමින් තිබෙන බවත් එම ඉදිකිරීම් මේ වනවිට අවසන් අදියරේ පවතින බවත් පුරාවිද්‍යා සුරැකීමේ සංවිධානයේ සභාපති උඩස්ගිරියේ සමිත හිමියෝ පවසති.
ඒ පිළිබඳව නිශ්චිත තොරතුරු සොයා ගැනීමෙන් අනතුරුව උන්වහන්සේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පැවසූහ.
පුරාවිද්‍යා ආඥා පනතට අනුව මෙවැනි අධිරක්ෂිතයක මීටර් හාරසියයක සීමාව ඇතුළත කිසිදු ඉදිකිරීමක් නොකළ යුතු බවද එම ඉදිකිරීම සම්පූර්ණයෙන්ම නීතිවිරෝධී බවද උන්වහන්සේ කියා සිටියහ.
මෙම කලාපය පූජනීය වශයෙන් අතිශයින්ම වැදගත් වන අතිශය සංරක්‍ෂිත කලාපයකි. එවැනි කලාපයක පිහිටා ඇති දළදා මාලිගා පරිශ්‍රයට අයත් වැඩ සිටින මාලිගාව සහ රජ මාලිගා සංකීර්ණය සතර මහා දේවාල මෙන්ම වැල්බෝධියට මීටර් හාරසියයක සිමාව තුළ ගොඩනැඟුණු ඒවා බවද උන්වහන්සේ පැවසූහ.
එවැනි පුරාවිද්‍යා අධිරක්ෂිතයක පිහිනුම් තටාකයක් ඉදිකර සංචාරකයන්ට මුදලට විකිණීම ආචාර ධර්මවලට පටහැනි බවත් මෙවැනි නීති විරෝධී ඉදිකිරීම් වහා ඉවත් කිරීමට පියවර ගත යුතු බවත් උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.
මේ සම්බන්ධයෙන් මහනුවර පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ විරාජ් බාලසූරිය, පුවරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් තුසිත මෙන්ඩිස්, සංස්කෘතික කටයුතු හා බුද්ධ ශාසන නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක යන මහත්වරුන් දැනුවත් කළ බවද සමිත හිමියෝ කියා සිටියහ.
සුජාතා ජයරත්න