උදේ ගෙදරින් යන 7-8 ක් හවසට ගෙදර එන්නේ මළසිරුරක් ලෙසින් – රථවාහන දිසාව භාර නි. පොලිස්පති
මෙම වසරේ (2025) ගතවූ මාස හය තුළ මාරක රිය අනතුරුවලින් පුද්ගලයන් දෙදහසකට ආසන්න පිරිසක් මරුමුවට පත්ව ඇතැයි රථවාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා පැවැසීය.
රිය පදවන අවිනීතික රියැදුරන් හා මාර්ගයට නුසුදුසු රථවාහන ධාවනයට එක් කිරීම මාර්ග රිය අනතුරු වැඩිවීමට බලපා ඇතැයි ද හෙතෙම කීය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙම කරුණු අනාවරණය කළේය.
පසුගිය වසරේදී (2024) රිය අනතුරුවලින් මියගිය පුද්ගලයන්ට අමතරව 7152 දෙදෙනකු බරපතළ තුවාල ලබා ඇතැයි ද ඒ මහතා කීය.
තවදුරටත් කතා කළ නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙසේ ද කියා සිටියේය.
“මේ වසරේ මුල් මාස හය තුළ රිය අනතුරුවලින් දෙදහසකට ආසන්න පිරිසක් මියගිහින්. මේක ලොකු ව්‍යසනකාරී තත්ත්වයක්. පසුගිය වසර 30ක කාලය තුළ යුද්ධයෙන් මියගියේ 28,000ක්. මේකේ බරපතළකම තියෙන්නේ උදේ නිවසින් රැකියාවට යන අයගෙන් 7-8ක් නැවත නිවසට එන්නේ හවස් වරුවේ මෘතශරීරයක් වෙලා.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා