ඉරාන ඉස්ලාමීය ජනරජයේ සිටින සියලුම ශ්‍රී ලාංකිකයන්ට සහ ඉරානයෙන් පිටවීමට කැමති ශ්‍රී ලාංකිකයන්ට ගුවන් ගමන් පහසුකම් සැලසීමට ශ්‍රී ලංකා රජය ඉන්දීය රජය සමග එක්ව කටයුතු කර ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව ඉරානයෙන් පිටවීමට අපේක්‍ෂා කරන ඕනෑම ශ්‍රී ලාංකිකයකුට ටෙලිග්‍රෑම් නාළිකාව හරහා හෝ පහත හදිසි ඇමතුම් අංක ඔස්සේ ටෙහෙරාන් පිහිටි ඉන්දීය තානාපති කාර්යාලය සමග සම්බන්ධ විය හැකිය. +989010144557, +989128109115, +989128109109. එසේම ඔවුන්ට පහත සඳහන් අංක ඔස්සේ ඉරානයේ තිබෙන ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමග ද සම්බන්ධ විය හැකිය. +989392055161, +989912057522 (සිංහල / ඉංග්‍රීසි) +989366360260
ඉරානය තුළ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් 05ක් ඇතුළු ශ්‍රී ලාංකිකයන් 41 දෙනකු සිටි බවත් ඉන් සිව් දෙනකු එම රටින් පිටවී ඇති බවත් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සඳහන් කර තිබුණි. ශ්‍රී ලාංකිකයන් 08 දෙනකු ඉරාන ජාතිකයන් සමග විවාහ වී සිටින බවට ද වාර්තා වී ඇත.
චමින්ද සිල්වා