සම්මත කරනු ලැබූ 2003 අංක 9 දරන දූෂණ විරෝධී පනත ප්‍රකාරව, සියලුම රාජ්‍ය සේවකයන්ගේ මෙන්ම ඔවුනගේ කලත්‍රයා සහ දරුවන් ද ඇතුළුව වත්කම් බැරකම් ප්‍රකාශ ලබා ගැනීම මේ වනවිට ආරම්භ කර ඇත.
ඒ අනුව රජයේ සේවයේ නියුතු සේවක සේවිකාවන්ගේ වත්කම් බැරකම්වලට අමතරව ඔවුනගේ කාලත්‍රයා මෙන්ම දරුවන් සතු දේපළ මෙන්ම බැංකු ගිණුම් පිළිබඳව සියලු තොරතුරු ඊට ඇතුළත් කළ යුතුවේ.
ඊට අමතරව ඔවුනගෙන් යැපෙන අයගේ ද වයස නොසලකා වත්කම් සහ බැරකම් ප්‍රකාශ ලබාදීම අත්‍යවශ්‍ය වේ.
එහිදී යම් රාජ්‍ය සේවකයකුගෙන් යැපෙමින් හෝ ඔහුගේ නිවසෙහි එකට ජීවත් වන (බදු පදනමින් නොවේ) අනෙක් තැනැත්තන්ගේ වත්කම් සහ බැරකම් පිළිබඳ තොරතුරු ද මෙම වාර්ෂික ප්‍රකාශය සඳහා ඇතුළත් කළ යුතුය.
අකිත පෙරේරා