මේ වනවිට වසා තබා ඇති සිරිලිය සවිය ගිණුම සම්බන්ධයෙන් වූ නඩුකරය නැවත විභාගයට ගැනීමට අවශ්‍ය කටයුතු ආරම්භ කරන බව මහජන ආරක්ෂක නියෝජිත ඇමැති සුනිල් වටගල මහතා පාර්ලිමේන්තුවේදී කීය.
එම ගිණුම ආරම්භ කිරීමේදී පිරවිය යුතු අයඳුම්පත, බැංකුවෙන් මේ වනවිට අස්ථානගත වී ඇතැයි ද කී ඇමැතිවරයා මේ වනවිට එම ගිණුමේ කටයුතු අක්‍රීය කර ඇතැයි ද සඳහන් කළේය.
අත්හිටුවන විට එම ගිණුමේ පැවැති ශේෂය රුපියල් මිලියන 44ක් වූ බවත් කී ඇමැතිවරයා ගිණුම සඳහා රුපියල් අටකෝටි විසිනව ලක්ෂයකට අධික මුදලක් තැන්පත් කර තිබූ බවද ඉන් රුපියල් තුන්කෝටි අනූලක්ෂ පහළොස් දහසක මුදලක් ඉවත් කරගෙන ඇතැයි ද කීය.
තවද ලක්ෂ සියයක ස්ථාවර තැන්පතුවක් ද සිරිලිය නමින් තැන්පත් කර ඇතැයි ද ඇමැතිවරයා පැවසීය.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන