මුදල් කාරක සභාවේ අනුමැතිය
ආනයනය කිරීම නතර කර තිබූ කැසිනෝ මැෂින් හා ගේම් මැෂින් නැවත ආනයනය කිරීම සඳහා අවසර ලබා දී ඇති බැව් රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභා රැස්වීමේ දී අනාවරණය විය.
කැසිනෝ පනත යටතේ ලියාපදිංචි බලපත්‍ර ලබාගෙන ඇති කැසිනෝ ව්‍යාපාරිකයින්ට පමණක් එම ව්‍යාපාරිකයින්ගේ කර්මාන්ත සඳහා කැසිනෝ මැෂින් සහ අනිකුත් සංචාරක ස්ථානවල තිබෙන ගේම් මැෂින් ගෙන්වීමට අවසර ලබා දී ඇත.
කැසිනෝ නියාමන පනත ළඟදීම ගෙනඒමට ඇති බැවින් බලපත්‍ර ලබාගෙන ඇති කැසිනෝ ව්‍යාපාරිකයින්ට ආනයනය කිරීමට අවසර ඇත්තේ කුමන කැසිනෝ මැෂින් ද, ආනයනය කිරීමට නොහැකි කුමන කැසිනෝ මැෂින් ද යන්න පිළිබඳ තොරතුරු තිබිය යුතු බව මෙහිදී රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේය.
ආනයනය කරනු ලබන්නේ කුමන කැසිනෝ මැෂින් වර්ගය ද, ඒවා ආනයනය කරනු ලබන්නේ කවුද යන්න පිළිබඳව රේගුව විසින් තොරතුරු තබාගත යුතු බව ද මුදල් කාරක සභාවේ සභාපතිවරයා විසින් මෙහිදී රේගු නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.
ලලිත් චාමින්ද