දේශීය ඖෂධ නිෂ්පාදකයන්ට බදු පහසුකම් දිය යුතුයි – නලින් බණ්ඩාර
මහ බැංකු ස්වාධීන පනතට එදා මාලිමාව විරුද්ධ වුණා – හර්ෂ ද සිල්වා
ගැටුමට සම්බන්ධ රටවල් සාකච්ඡා මඟට ගෙනඒම සැමගේ යුතුකමයි – සභා නායක ඇමැති බිමල් රත්නායක
නිශ්චල දේපළ සඳහා මුද්දර බදු අයකිරීමේදී මෙතෙක් අයකරනු ලැබූ රුපියල් 1000ක් සඳහා රුපියල් 10ක බද්ද රුපියල් 20 දක්වා ඉහළ දමන බවත්, එමගින් ලැබෙන ආදායම පළාත් සභා වෙත ලබාදීම සිදු කෙරෙන බව නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20දා) පැවසීය.
වේත්‍රධාරී කුෂාන් සම්පත් ජයරත්න මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව ඊයේ පෙරවරු 9.30ට කතානායක වෛi ජගත් වික්‍රමරත්න මහතාගේ මූලාසනයෙන් යුතුව රැස්විණ. ප්‍රථමයෙන් නිවේදන, වාර්තා, ලිපිලේඛන, පෙත්සම් ආදිය ඉදිරිපත් කිරීමෙන් පසුව මන්ත්‍රීවරු විසින් වාචික පිළිතුරු අපේක්ෂා කරනු ලබන ප්‍රශ්න සඳහා අදාළ ඇමැතිවරු පිළිතුරු සැපයූහ. පසුව 21/27 යටතේ ප්‍රශ්න විමසීම සහ ඒවාට පිළිතුරු සැපයීම ඉන් අනතුරුව සිදුවිය.
පසුව 2429/39 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළකර ඇති මුද්දර ගාස්තු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියෝගය සහ අංක 2434/12 සහ අංක 2435/02 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළකර ඇති ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි දෙකක් අනුමත කිරීම සඳහා විවාදයට විවාදය ආරම්භ කරනු ලැබීය.
විවාදය ආරම්භ කරමින් මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා –
“මේ යෝජනාවට ප්‍රධානම හේතුවක් වන්නේ මේ වගේ සංශෝධනයක් 2006 වසරෙන් පසුව මේ දක්වා සංශෝධනය කරලා නෑ. අපට වසර විස්සකටවත් ආසන්න යල්පැන ගිය පනත් සංශෝධනය කරන්න වෙලා තිබෙනවා. දැනට අයකරනු ලබන මුද්දර බද්ද ගත්තොත් ඕනෑම දේපළක් සඳහා විශේෂයෙන්ම කල්බදු මත මුද්දර බදු අයකරනු ලබන රුපියල් 1000ක් සඳහා රුපියල් 10ක මුදල, අපි රුපියල් 20ක් දක්වා ඉහළ දමා තිබෙනවා. එය පුරවැසියා සඳහා අමතර බරක් එක්කිරීමක් නොවෙයි. මේ අණපනත් යාවත්කාලීන කිරීමක් කිරීම සඳහා
ගත යුතු පියවරවල්හි එක් පියවරක් ලෙසයි මෙය ක්‍රියාත්මක කරන්නේ. අනෙක මෙම මුද්දර බද්ද අය කරනු ලබන්නේ නිශ්චල දේපළ සඳහා පමණයි. මේ මුද්දර බද්දෙන් රටට ලැබෙන වාසිය වන්නේ මෙම මුදල් පළාත් සභාවලට තමයි මේ බදු මුදල් ලැබෙන්නේ, එමගින් පළාත් සභාවට අවශ්‍ය මුදල් ලබාගත හැකියි. එමගින් මධ්‍යම ආණ්ඩුවේ බර අඩුවීමක් වෙනවා.
ඊට අමතරව භාවිතා කළ ඇඟලුම් ආනයනය සම්බන්ධයෙන් යෝජනාවක් අද දින ගෙනෙනවා. විශේෂයෙන්ම නුවරඑළිය, මාතලේ, බදුල්ල වැනි සීතල ප්‍රදේශවල ජීවත් වන අසරණ ජනතාවට සීතල සඳහා අවශ්‍ය ඇඟලුම් අඩු මිලකට ලබාදීම වෙනුවෙන් වැඩ කටයුතු සූදානම් කර තිබෙනවා. අධීක්ෂණය යටතේ මෙම ක්‍රමවේදය ඉටු කෙරෙනවා. මෙයත් වසර තුනක් තුළ ක්‍රමානුකූලව අඩු කිරීමට බලාපොරොත්තු වෙනවා. අනෙක මෝටර් රථ එකලස්කිරීම සම්බන්ධයෙන් පවතින කාරණාවක් වන අමතර කොටස් ගෙන්වා ගැනීම සඳහා පහසුකම් සැලසීමත් අද දින සිදු වෙනවා. ඒ වගේම කැසිනෝ නියාමන පනත යටතේ දැනට ලියාපදිංචි වී ඇති ආයතනවලට අවශ්‍ය එම ක්‍රීඩා බඩු ගෙන්වීම සඳහා යම් පහසුකමක් මෙන්ම ඊළගට විiුත් යතුරුපැදි ගෙන්වීම සම්බන්ධයෙනුත් පහසුකම් ලබාදීමට අවශ්‍ය නීති සම්පාදනය කෙරෙනවා. මීට අමතරව සූදු නියාමන පනතට අදාළ පනත් කෙටුම්පත නිසි නියාමනයකට ලක්කිරීමට අවශ්‍ය කටයුතු ක්‍රියාත්මක කරන්න ආණ්ඩුව ක්‍රියාත්මක වෙලා තිබෙනවා. මේවා ඉටුකිරීම මගින් පෙන්වන්නේ මේ රජය කියපු දේවල් ඉටුකරන ආණ්ඩුවක් ලෙසයි. විශේෂයෙන් ඇප නැතිව ණය ගැනීමට පිහිටුවන බැංකුව සම්බන්ධයෙන් අපි කටයුතු ආරම්භ කර තිබෙනවා.
කුරුණෑගල දිස්ත්‍රීක් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා (සජබ) –
වැට් එක නිසා අපනයනවලට විශාල ලෙස පහර වැදිලා. එය අපනයනකරුවන්ට හොඳ දෙයක් නෙවෙයි. ඔවුන් විශාල ලෙස රටට ඩොලර් ගේනවා.
පොල්ගෙඩි මිලියන 200ක් ලංකාවට ගේන බව ආණ්ඩුව මීට පෙර කිව්වත් ඉටුවුණේ නෑ. මේ නිසා පොල්වල ඉල්ලුම ඉතා ඉහළ ගිහින් තියෙනවා. අද පොල් ලෙල්ලත් ගණන් ගිහින්.
ඖෂධ නිෂ්පාදනයට අපේ රටේ කර්මාන්තකරුවන් යොමුවී තිබෙනවා. ඔවුන්ට අපනයනය කරන්නත් පුළුවන්. බිංගිරිය අපනයන කලාපයේ ඖෂධ නිෂ්පාදනය ආරම්භ වෙනවා. උසස් තත්ත්වයේ බොහෝ නිෂ්පාදනයන් කළ හැකියි. ඔවුන්ට ඉදිරියට යෑමට නම් බදු පහසුකම් ලැබිය යුතුයි.
පත්කළ මන්ත්‍රී රවී කරුණානායක (න.ප්‍ර.ජා.ස.) –
අපේ ණයබරතාව අඩු කළ යුත්තේ අපනයන තුළින්. අපනයනය පුළුවන් තරම් ලෙහෙසි පහසු කිරීම කළ යුතුයි. නමුත් එය වෙනවාද, බාධක තියෙන්නේ කොහේද කියලා බැලිය යුතුයි.
විපක්‍ෂයේ කියපු පුරාතන කතා ආණ්ඩුවට ආවාම කරන්න බෑ කියලා ආණ්ඩු පක්‍ෂයට තේරිලා තියෙනවා. එය තමයි විය යුත්තේ. කියන දේ කළ යුතුයි.
රටේ වර්ජන, පෙළපාලි, දූෂණ නෑලු. කොමිස් නෑලු. නමුත් ආයෝජකයො එන්නෙත් නෑ. ආයෝජන කරන්න පුළුවන් හැකියාව බැලිය යුතුයි. ආයෝජකයාට ආයෝජනය කිරීමේ ඇති බාධාවන් නැති කළ යුතුයි.
සභා නායක ඇමැති බිමල් රත්නායක –
ඊශ්‍රායලය විසින් ඉරානයට ප්‍රහාර එල්ල කරමින් පවතිනවා. සම්පූර්ණයෙන්ම ඉරානයට ස්වෛරී රාජ්‍යයක් ලෙස තිබෙන අයිතින් උල්ලංඝණය කරමින් කටයුතු කරනවා. පලස්තීනය සමූලඝාතනය කිරීමේ ඊශ්‍රායල උත්සාහයන් සමග තමයි මේ ප්‍රශ්නය ඇති වී තිබෙන්නේ.
රටවල් දෙකක් අතර යුද්ධයක් ඇතිවූ විට අනිත් රටවල් කළ යුත්තේ ඊට උඩගෙඩි දීම නෙවෙයි. රටවල් දෙකම න්‍යෂ්ටික ශක්තීන් ඇති රටවල්. ඉරානය අති දැවැන්ත ස්ව ශක්තියකින් තාක්‍ෂණය, විද්‍යාව දියුණු කරගත්තා.
ගැටුම විසඳන සාකච්ඡා මාර්ගයට ගෙන ඒම අන් රටවල යුතුකමක්. නමුත් රටවල් දෙකක් ඊශ්‍රායලය පැත්ත ගෙන යුද්ධ කරන්න කියන එකයි කියන්නෙ. යුද බිස්නස්කරුවන්ගේ හෝ දේශපාලන උවමනා මත රටවල් දෙකක මිනිස්සු මැරෙනවා. පලස්තීනය නිදහස් රාජ්‍යයක් බවට පත් කිරීමට ඉඩ නොදීම නිසයි මේ ප්‍රශ්න ඇතිවී තිබෙන්නේ. පලස්තීනය ලෙස රටක් තිබුණා. ලෝක නායකයන් සුළු පිරිසක් ඔවුන්ගේ දේශපාලන උවමනා වෙනුවෙන් ක්‍රියා කරනවා. මේ යුද්ධයේ ප්‍රතිවිපාක ලැබෙන්නේ ඒ රටවල් දෙකේ ජනතාවට පමණක් නොවෙයි. මුළු ලෝකයටමයි. ඇමරිකාවත් අද දැවැත්ත සමාජ අර්බුදයකට ගිහින්.
කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂ ද සිල්වා (සජබ) –
මහ බැංකු ස්වාධීන කිරීම් පත්‍රිකාවට එදා ජාජබ විරුද්ධ වුණා. ඡන්දෙන් පත්වූ ආණ්ඩුවට මහ බැංකුව කළමනාකරණය කළ හැකි විය යුතු බව එදා කිව්වා. එහෙම නම් දැන් කොහෙද ඒ පනත හොඳයි කියන්නෙ.
ආර්ථික ප්‍රතිසංස්කරණ පනත, රාජ්‍ය මූල්‍ය පනත ඇතුළු පනත් රැසකට එදා විරුද්ධ වුණා. ශ්‍රේෂ්ඨාධිකරණයටත් ගියා. මුදල් ලේකම්තුමාව හිරේ දානවා කිව්වා. දැන් හොඳයි. ඩීල් දාන එක වැරැදියි කියලා දැන් ඒක කරනකොට හොඳයි.
අකිත පෙරේරා සහ රනිල් ධර්මසේන