නැත්නම් එපා
ඉරාන – ඊශ්‍රායල් යුදමය තත්ත්වය හමුවේ ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල තවදුරටත් ඉහළ යමින් පැවතියහොත් ලබන මස පළමු වැනිදා සිදු කිරීමට නියමිත වාර්ෂික බස් ගාස්තු සංශෝධනයේදී ගාස්තු ඉහළ දැමීමක් බලාපොරොත්තු වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ‘දිවයින’ට ඊයේ (20දා) සඳහන් කළේය.
පවතින යුදමය තත්ත්වය හමුවේ ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ අගයක පැවතියත් මේ අවස්ථාවේ බස් ගාස්තු සංශෝධනය කිරීම සිය කර්මාන්තයට අහිතකර බව ද හෙතෙම පැවසීය.
කෙසේ වෙතත් ලෝක වෙළෙඳපොළ තුළ ඉන්ධන මිල ගණන් පවතින තත්ත්වය යටතේම පවතී නම් ලබන මස දී බස් ගාස්තු සංශෝධනයක් අවශ්‍ය නොවන බව ද ගැමුණු විජේරත්න මහතා වැඩිදුරටත් පැවසීය.
සුජීව තත්සර සහ ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්