Monday, 23 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා චීන කොමියුනිස්ට් පක්ෂයේ සංවිධාන අංශයේ ප්‍රධානියා හමුවෙයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Monday, 23 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා චීන කොමියුනිස්ට් පක්ෂයේ සංවිධාන අංශයේ ප්‍රධානියා හමුවෙයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
  • ePaper
  • Search
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා චීන කොමියුනිස්ට් පක්ෂයේ සංවිධාන අංශයේ ප්‍රධානියා හමුවෙයි

June 20, 2025
125 Views

ශ්‍රී ලාංකික දරුවන්ගේ පාසල් නිල ඇඳුම් 2026ත් ලැබෙතැයි අපේක්‍ෂා කරනවා

චීන කොමියුනිස්ට් පක්ෂයේ ආරාධනයක් මත මේ දිනවල චීනයේ සංචාරයක නිරත ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඇතුලු පිරිස පෙරේදා (18 දා) පස්වරුවේ බීජිං නගරයේ ප්‍රධාන මහජන ශාලාවේදී චීන කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල සාමාජික, ස්ථාවර කමිටු සාමාජික සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ සංවිධාන අංශයේ ප්‍රධානී ෂී තැයිෆෙන් මහතා ඇතුළු ඉහළ පෙළේ නායකයන් පිරිසක් හමුවූහ.

ජනතා විමුක්ති පෙරමුණත්, චීන කොමියුනිස්ට් පක්ෂයත් අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය පිළිබඳව සිහිපත් කළ ෂී තැයිෆෙන් මහතා පක්ෂයේ කාඩර්වරුන්ගේ දේශපාලන න්‍යායික දැනුම නිරන්තරයෙන් වර්ධනය කිරීමේ ඇති වැදගත්කම පෙන්වා දුන් අතර චීනය අවශ්‍ය ඕනෑම මොහොතක තම අත්දැකීම් ජනතා විමුක්ති පෙරමුණ සමග බෙදා ගැනීමට සූදානම් බවද පැවසීය.

ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධන වැඩසටහන අනුව අවශ්‍ය සහාය ලබාදීමට සූදානම් බවත්, ඒ සඳහා වූ එකඟතාවන් කිහිපයක් මෙම වසරේ මුල් කාලයේ චීනයට පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක සමග ඇති කරගත් බවත් ඔහු සඳහන් කළේය.

එහිදී ටිල්වින් සිල්වා මහතා සඳහන් කර සිටියේ චීනය සහ ලංකාව අතරත්, ජනතා විමුක්ති පෙරමුණ සහ චීන කොමියුනිස්ට් පක්ෂය අතරත් පවතින මිත්‍රත්වය මෙම සංචාරයේදී තවදුරටත් වර්ධනය වූ බවය.

එමෙන්ම චීනයේ ජජියාන් ප්‍රාන්තයේ සහ ගුයිෂූ ප්‍රාන්තයේ ගම්මානවල සිදුකළ සංචාරයේදී එම ගම්මාන දියුණු කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව මනා අවබෝධයක් ඇතිකර ගැනීමට හැකි වූ බවත් ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට එම ලද අත්දැකීම් ඉවහල් වනු ඇති බවත් ප්‍රධාන ලේකම්වරයා අවධාරණය කර සිටියේය.

රබර් – සහල් ගිවිසුමේ සිට විවිධ ක්‍රම හරහා චීනය, ශ්‍රී ලංකාවට උදව් කරමින් සිටින බවත් වර්තමානයේදී ශ්‍රී ලාංකික පාසල් දරුවන්ගේ නිල ඇඳුම් සඳහා රෙදි ලබාදීම ඉතාමත් අගයකොට අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා 2026 වසරේද එම නිල ඇඳුම් රෙදි ලංකාවේ පාසල් වෙත හිමිවනු ඇතැයි අපේක්ෂා කරන බවද පැවසීය. මෙම හමුව සඳහා චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර අංශයේ නියෝජ්‍ය ඇමති සුන් හැයියාන් ඇතුළු චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් එක් වී සිටි අතර ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් තරුණ කටයුතු නියෝජ්‍ය ඇමති එරංග ගුණසේකර, ජාතික ඒකාබද්ධතා නියොජ්‍ය ඇමති මුනීර් මුලෆ්ෆර්, යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. එම් ජෙගදීශ්වරන්, මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි දීප්ති වාසලගේ, ගම්පහ දිස්ත්්‍රක් පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මප්‍රිය විජේසිංහ ඇතුළු පිරිසක් එක්වී සිටියහ.

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ජීවිත 263ක් සමග අඩි 37,000 ඉහළදී බෝයිං 747 එන්ජින් 4 නවතියි

June 22, 2025

වාහල්කඩ වැව් බැම්ම මතදී 30 හැවිරිදි පෙම්වතා මිතරකු සමග 70 හැවිරිදි පෙම්වතියගේ ස්වර්ණාභරණ කොල්ල කයි

June 20, 2025

“මම දැන් අමාරුවෙන් ජීවත් වෙන්නේ” “මේ බවක් දන්නවා නම් පොලිසියට එන්නෙත් නෑ”

June 22, 2025

ඇප ලබා පැය විසිහතරෙන් රට පැන්න කංජිපානිගේ අලුත්ම බ්‍රෑන්ඩ් එක

June 22, 2025

ඉරානයේ බැලස්ටික් මර්දනයට ඊශ්‍රායලයට ඇරෝ මිසයිල හිඟ වෙයි

June 20, 2025
Related News
ප්‍රධාන පුවත්

ඉරානය දැන් සාමය ඇති කර ගත යුතුයි – නැතිනම් ඉදිරි ප්‍රහාර දරුණු විය හැකියි – ට්‍රම්ප්

ප්‍රධාන පුවත්

ඇමෙරිකානු ප්‍රහාරය අනුමත කරමින් – බ්‍රිතාන්‍ය රජය ඉරානයට සාකච්ඡාවකට ඇරයුම් කරයි

ප්‍රධාන පුවත්

ඉරානයෙන් පිටවීමට කැමති ශ්‍රී ලාංකිකයන්ට ඉන්දීය රජය සමග එක්ව පහසුකම් සලසයි

ප්‍රධාන පුවත්

ගුණාත්මක යුද හමුදාවක් පවත්වාගෙන යෑමට ගන්නා තීරණ වැරදි ලෙස සමාජගත කරන්න එපා

ප්‍රධාන පුවත්

ඉරානයේ සිටින ශ්‍රී ලාංකිකයන් ගැන පැය 24 ම සෝදිසියෙන් – විදේශ කටයුතු අමාත්‍යාංශය

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok