Friday, 20 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: සූර්යකුමාර් මුම්බායි ඉන්දියන්ස් අවසන් වටයට රැගෙන යයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Friday, 20 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: සූර්යකුමාර් මුම්බායි ඉන්දියන්ස් අවසන් වටයට රැගෙන යයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ක්‍රී​ඩා

සූර්යකුමාර් මුම්බායි ඉන්දියන්ස් අවසන් වටයට රැගෙන යයි

4 weeks ago
593 Views

සූර්ය කුමාර් යාදෙව්ගේ විශිෂ්ට ඉනිමත්, ජස්ප්‍රිට් බුම්රාහ් සහ මිචෙල් සැන්ට්නර්ගේ කැපී පෙණෙන පන්දු යැවීමත් හේතුවෙන්, මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් විස්සයි – 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් වටය සඳහා සුදුසුකම් ලබාගන්නට 5 වතාවක් අයි.පී.එල්. ශූරයන් වූ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත්විය. ඒ දිල්ලි කැපිටල් කණ්ඩායම සමග පැවැති තීරණාත්මක තරගයෙන් ලකුණු 59ක දැවැන්ත ජයක් ලබාගැනීමත් සමගය.

පෙරේදා (21 දා) මුම්බායි හි වංකඩේ ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගය මුම්බායි ඉන්දියන්ස් සහ දිල්ලි කැපිටල්ස් යන කණ්ඩායම් දෙකටම එක ලෙස වැදගත් වූයේ අවසාන තරග වටයේ තම ස්ථානය තහවුරු කර ගැනීමට නම් මෙම තරගයේ ජය ගැනීම අනිවාර්ය වීම හේතුවෙනි.

ඒ අනුව දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ ඇරයුමින් යුතුව තරගයේ පළමුව පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 180ක් ලබාගැනීමට සමත් වූ අතර, පිළිතුරු ලෙස ලකුණු 181ක ඉලක්කයක් හඹායෑම සඳහා පිටියට පිවිසි දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට ජස්ප්‍රිට් බුම්රාහ් සහ මිචෙල් සැන්ට්සර් ඇතුළු මුම්බායි පන්දු යවන්නන්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ ලබාගැනීමට හැකියාව ලැබුණේ පන්දු වාර 18යි පන්දු 2ක් අවසානයේ සියල්ලන් දැවී ලකුණු 121ක් පමණි.

ඒ අනුව ලකුණු 59ක දැවැන්ත ජයක් සමග අවසන් වටයේ තම ස්ථානය තහවුරු කර ගැනීමට ද මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත්විය.

මුම්බායි කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී විශිෂ්ට ඉනිමක් දියත් කළ සූර්ය කුමාර් යාදෙව් පන්දු 43කට මුහුණ දෙමින් හයේ පහර 4ක් සහ හතරේ පහර 7ක් සමගින් නොදැවී ලකුණු 73ක් ලැබීය. ඊට අමතරව තිලක් වර්මා ලකුණු 27ක්, රයන් රිකිල්ටන් ලකුණු 25ක් සහ නමාන් ඩර් ලකුණු 24ක් ලැබීය.

පන්දු යැවීමේදී මුකේෂ් කුමාර් ලකුණු 48කට කඩුලු 2ක් දවාලීය.

දිල්ලි කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී සමීර් රිස්වි ලකුණු 39ක්, විප්රාජ් නිගම් ලකුණු 20ක් සහ අෂ්ටෝෂ් ශර්මා ලකුණු 18ක් ලැබීය.

පන්දු යැවීමේදී මිචෙල් සැන්ට්නර් ලකුණු 11කට කඩුලු 3ක් සහ ජස්ප්‍රිට් බුම්රාහ් ලකුණු 12කට කඩුලු 3ක් බිඳහෙළීය.

තරගයේ වීරයා ලෙස සූර්යකුමාර් යාදෙව් සම්මාන ලැබීය.

අවසන් වටයට පිවිසි කණ්ඩායම් හතර පිළිවෙළින්

ගුජරාට් ටයිටන්ස්, රෝයල් චැලේන්ජ් බැංගලූරු, පන්ජාබ් කිංග්ස් සහ මුම්බායි ඉන්දියන්ස්.

සිසිර ඉන්ද්‍රජිත්

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

අතුරුදන්ව සිටි බැංකු නිලධාරියාගේ මළ සිරුර මවට අයත් පාළු නිවසක

6 days ago

ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් නියමුවරියක් ඉරානයේ ග්‍රහණයට

6 days ago

පොලිස් ඇස් වසා ඉෂාරා සෙව්වන්දි තිනියාවලින් ඩුබායි පැන්න හැටි

5 days ago

යන නොසිතු වෙලාවක වියැකී – ජීවය තණ අඟ පිනි බිඳකි…

6 days ago

පෘතුවියේ දැවැන්තම ස්වාභාවික ගෑස් ක්ෂේත්‍රයට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරයි

5 days ago
Related News
ක්‍රී​ඩා

ශ්‍රී ලංකා පළමු ඉනිම පැතුම්ගෙන් හැඩ වෙයි

ක්‍රී​ඩා

කාන්තා ලෝක කුසලාන එක්දින තරගාවලියේ කාලසටහන එළිදකී

ක්‍රී​ඩා

තායිලන්ත විවෘත මලල ක්‍රීඩා තරගාවලිය: ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් 08ක්

ක්‍රී​ඩා

විවෘත පංචප්‍රයාම පිහිණුම් ශූරතාවලියේ කාන්තා ශූරතාවය කලුතර බාලිකාවට

ක්‍රී​ඩා

දෙවැනි දිනයේ වැස්සෙන් පසු ශ්‍රී ලංකා පන්දු යවන්නෝ රිද්මයට එති

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok