ජාත්‍යන්තර මලල ක්‍රීඩා වර්ගීකරණයට අනුව ඉන්දියාවේදී ක්‍රියාත්මක කෙරුණු රන් ශ්‍රේණියේ ජාත්‍යන්තර හෙල්ල විසි කිරීමේ තරගයක දී ලෝකඩ පදක්කමක් දිනා ගනිමින් කැපී පෙනෙන්නට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය. තෙවන ස්ථානය තහවුරු කර ගැනීම උදෙසා එහිදී රුමේෂ් තරංග ප්‍රදර්ශනය කළ දක්ෂතාව මීටර් 84.34 ක් ලෙස සටහන්විණි.
එකී ඉසව්වේ ඉහළම දක්ෂතාව තම මව් බිමේදී ප්‍රදර්ශනය කරමින් පළමු තැන වාර්තා කර ගැනීමට ඔලිම්පික් පදක්කම්ලාභී නීරාජ් චොප්රා සමත් වූයේ මීටර් 86.18 ක් දුර හෙල්ලය විසි කරමිනි. එහි දෙවන ස්ථානය ජුලියස් යෙගෝ (මීටර් 84.51) හට හිමි විය.
අනුරුද්ධ හේරත් බණ්ඩාර