දෙවැනි තරගය අවසානයේ පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ජනිත් ලියනගේ මෙසේ අදහස් දැක්වීය.
ජයග්‍රහණය කළ යුතුව තිබූ තරගයක් තමයි ඒ තරගය. අපි මීට වඩා හොඳින් වගකීමෙන් තරග කිරීමට බලාපොරොත්තු වෙනවා.
ඒ වගේම දෙවැනි තරගයේ දී සිදුවූ අතපසුවීම් අපි ඊළඟ තරගයට ගෙන නොඒමට වගබලාගන්නවා.
මොනවා උනත් අපි හොඳින් ක්‍රීඩා කරමින් සිටියේ. බංග්ලාදේශයේ දඟපන්දුව දඟකැවෙන්නට පටන් ගත්තේ එතකොට. ඒ වාසිය ඔවුන් ලබාගත්තා. කුසල්ගේ දැවීයෑමත් සමග අපිට බංග්ලාදේශය පීඩනය වැඩි කළා. එතැනින් තමයි බංග්ලාදේශය තරගයට අවතීර්ණ වුණේ.
අපි දන්නවා ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී දෙවැනියට පන්දුවට පහර දීමට යෑම ටිකක් අමාරුයි. ඒත් ඒක නිදහසට කරුණක් නොවේ. අපෙන් පොඩි පොඩි වැරදි ටිකක් සිදුවුණා. ඒක ඊළඟ තරගයේදී සිදු නොවේවි. මෙම තරගය ජයගත යුතුම එකක් වී තිබුණා. අපගේ පන්දු යැවීම ඉතා හොඳයි.