අවුරුදු 19 න් පහළ ලීග් ශූරතා රග්බි තරගාවලිය
“ඩයලොග් අභියෝග කුසලාන” ප්‍රමුඛ පෙළ පාසල් අවුරුදු 19 න් පහළ ලීග් ශූරතා රග්බි පාපන්දු තරග මාලාවේ තෙවන සතියේ පළමු දෙදින ජයග්‍රහණ සටහන් කර ගනිමින් කැපී පෙනෙන්නට මහනුවර ත්‍රිත්ව විදුහල, ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල, මහනුවර කිංග්ස්වුඩ් විදුහල, කොළඹ වෙස්ලි විදුහල, මහනුවර ශ්‍රී සුමංගල විදුහල සහ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල නියෝජනය කළ ක්‍රීඩකයෝ සමත් වූහ.
ත්‍රිත්ව විදුහල හමුවේ කොළඹ තර්ස්ටන් විදුහල ලකුණු 29 කින් ද සාන්ත තෝමස් විදුහල හමුවේ කොළඹ මහානාම විදුහල ලකුණු 15 කින් ද කිංග්ස්වුඩ් විදුහල හමුවේ කොළඹ සහිරා විදුහල ලකුණු 09 කින් ද වෙස්ලි විදුහල හමුවේ මහනුවර ශාන්ත අන්තෝනි විදුහල ලකුණු 21 කින් ද ශ්‍රී සුමංගල විදුහල හමුවේ මහනුවර විද්‍යාර්ථ විදුහල ලකුණු 12 කින් ද ශාන්ත පීතර විදුහල හමුවේ ගල්කිස්ස විද්‍යා විදුහල ලකුණු 06 කින් ද පරාජය ලැබීය. මෙම සති අන්තයේ මහනුවර ශ්‍රී සුමංගල විදුහල ලත් ජයග්‍රහණය ඉහළ අගයක් ගත්තේය.
ශ්‍රී සුමංගල විදුහල ප්‍රමුඛ පෙළ ලීග් ශූරතා තරගාවලියකට එක් වෙමින් ලත් පළමු ජයග්‍රහණය මෙය වූ අතර එහි දී මහනුවර විද්‍යාර්ථ විදුහල පරාජයට පත්වීම කැපී පෙණුනි.
තෙවන සතියේ තරග ප්‍රතිඵල
ත්‍රිත්ව විදුහල 48 තර්ස්ටන් විදුහල 19
ශ්‍රී සුමංගල 24 විද්‍යාර්ථ 12
වෙස්ලි 24 ශාන්ත අන්තෝනි 03
සාන්ත තෝමස් 50 මහානාම 35
කිංග්ස්වුඩ් 27 සහිරා 18
ශාන්ත පීතර 29 විද්‍යා 23
අනුරුද්ධ හේරත් බණ්ඩාර