රට දිනවූ ඔබට අපේ ආචාරය – ඇන්ජි ඔබට ස්තූතියි
2009 වසරේ ජූලි මස 04 වැනිදා පාකිස්තානය සමග පැවැති තරගයේදී ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී කුලුඳුල් ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ ඇන්ජලෝ මැතිව්ස් 2025 ජුනි මස 21 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීම ටෙස්ට් ක්‍රිකට් දිවිය අවසන් කළේය.

ටෙස්ට් තරග 119කට ක්‍රීඩා කර ඇති ඇන්ජලෝ ලකුණු 8214ක් රැස්කරගෙන ඇති අතර එහිදී ටෙස්ට් ශතක 16ක් හා අර්ධ ශතක 45ක් ඔහුගේ නම ඉදිරියේ ලියා තිබේ.
ටෙස්ට් ක්‍රිකට් පිටියේ ඇන්ජලෝ හයේ පහරවල් 90ක් සහ 4 පහරවල් 835ක් එල්ල කර තිබේ. ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ කඩුලු 33ක් දවාගෙන ඇති ඇන්ජි රැකගෙන ඇති උඩපන්දු සංඛ්‍යාව 78කි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ජාත්‍යන්තර ටෙස්ට් ලකුණු සංඛ්‍යාවක් රැස් කළ පිතිකරුවන්ගේ නම ඉදිරියේ ඇන්ජිට හිමිව ඇත්තේ තුන්වැනි තැන වීම ද විශේෂත්වයකි.
ඇන්ජි ශ්‍රී ලංකා ටෙස්ට් පිතිකරුවන් අතර තෙවැනි තැන පසුවන්නේ කුමාර් සංගක්කාරට සහ මහේල ජයවර්ධනට දෙවැනි වෙමිනි.
ඇන්ජලෝගේ ටෙස්ට් දිවියේ ඔහු ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව වන්නේ නොදැවී ලබාගත් ලකුණු 200යි.
මැතිව්ස්ගේ සමුගැනීම දැක බලාගැනීමට ගාල්ල ක්‍රීඩාංගණයට පැමිණ සිටි ක්‍රීඩා ලෝලීන්ගේ අත්පොළසන් මැද මැතිව්ස් ක්‍රීඩා ගාරය වෙත පියමං කළේය.
මම රට වෙනුවෙන් උපරිමයෙන් කළා යැයි ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත් හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් පවසා සිටියේය.
ගාල්ලේදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙසේ ද පැවසීය.
“මගේ හදවතින්ම මම ස්තූතිවන්ත වෙනවා 2008 ඉඳලා ලබාදුන්න සහයෝගයට. ඒ සහයෝගය නැත්නම් ඇන්ජලෝ මැතිව්ස් කෙනෙක් නැහැ. මම රටට යම් සේවයක් කළා කියලා හිතනවා. මම විශ්‍රාම ගන්නවා කිව්වහම ක්‍රීඩා ලෝලීන්ගෙන් ලැබුණු අගය කිරීම අගයනවා. රට වෙනුවෙන් 200%ක් සෙල්ලම් කළා. කණ්ඩායමට සුබ පතනවා. අපිට හොඳ කණ්ඩායමක් ඉන්නේ. මට ලබාදුන් සහයට බොහොමත් ස්තූතියි.”
සුසිල් ජයකොඩි