49 වන ජාතික මහා ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම වෙනුවෙන් පැවති මධ්‍යම පළාත් මැරතන් තරගයේ ජය හිමිකර ගැනීමට නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කළ වී. ක්‍රිෂාන්තනී හා එම්. ශිවරාජන් යන ක්‍රීඩකයින් සමත් විය.
කාන්තා හා පිරිමි වශයෙන් අංශ දෙකක් යටතේ පැවති මෙම තරගයේ පිරිමි අංශයේ ප්‍රථම ස්ථානය නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කළ එම්. ශිව රාජන් හිමිකර ගැනීමට සමත් වූ අතර එම අංශයේ දෙවන ස්ථානය මාතලේ දිස්ත්‍රික්කය නියෝජනය කළ ඒ. සම්මුගේෂ්වරන් ද තෙවන ස්ථානය මහනුවර දිස්ත්‍රික්කයේ ටී. ජී. සී. පී. අලහකෝන් ද හිමිකර ගැනීමට සමත් විය.
මැරතන් කාන්තා අංශයේ ප්‍රථම ස්ථානය නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කළ වී. ක්‍රිෂාන්තනී හිමිකර ගැනීමට සමත් වූ අතර දෙවන හා තෙවන ස්ථානයන් පිළිවෙලින් මහනුවර දිස්ත්‍රික්කයේ එච්. එම්. සී. එස්. හේරත් හා එච්. එම්. ඩබ්. ජී. ඩබ්. එම්. හේරත් හිමිකර ගැනීමට සමත් විය.

49 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ මැරතන් තරග ඉසව්ව නියෝජනය කිරීම සඳහා මධ්‍යම පළාතෙන් සුදුස්සන් තෝරා ගැනීම වෙනුවෙන් පැවති මෙම තරගය සඳහා මහනුවර, මාතලේ හා නුවරඑළිය දිස්ත්‍රික්ක නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගී වී සිටි අතර ජාතික මහා ක්‍රීඩා උළෙලේ මධ්‍යම පළාත නියෝජනය කරන කණ්ඩායමට ක්‍රීඩකයන් දස දෙනකු (10) සහ ක්‍රිඩිකාවන් අට දෙනෙකු (08) මෙහිදී තෝරා ගැනීම සිදුවිය.
මධ්‍යම පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂ එම්. යූ. නිශාන්ත මහතාගේ උපදෙස් පරිදි මධ්‍යම පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කොට පැවති මෙම තරගාවලිය පසුගියදා මහනුවර දිගන මධ්‍යම පළාත් සභා ක්‍රීඩාංගණ පරිශ්‍රයෙන් ආරම්භ කොට කෙන්ගල්ල, පල්ලේකැලේ, කුණ්ඩසාලේ නව නගරය, නත්තරම්පොත, තැන්නකුඹුර දක්වා ගොස් නැවත දිගන ක්‍රීඩාංගණ පරිශ්‍රය වෙත පැමිණීම සිදු විය.
ජානක සම්පත් බණ්ඩාර – ගුන්නෑපාන