Tuesday, 15 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: හසන්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ ශ්‍රී ලංකා පසු පෙළ අසරණ වෙයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Tuesday, 15 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: හසන්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ ශ්‍රී ලංකා පසු පෙළ අසරණ වෙයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ක්‍රී​ඩා

හසන්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ ශ්‍රී ලංකා පසු පෙළ අසරණ වෙයි

June 21, 2025
694 Views

බංග්ලාදේශය කඩුලු 7ක් අතැතිව ලකුණු 187ක් ඉදිරියෙන්

ශ්‍රී ලංකා – බංග්ලාදේශ ටෙස්ට් තරගාවලිය

විටෙක ශ්‍රී ලංකා කණ්ඩායමේ වාසියට ද, විටෙක බංග්ලාදේශ කණ්ඩායමට ද දෝලනය වෙමින් තිබූ බංග්ලාදේශ – ශ්‍රී ලංකා පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය නිමාවට පත්වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරන බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 177ක් ලබා ප්‍රභල තත්ත්වයක පසුවන්නට සමත්විය.

කෙසේ වුවද ලකුණු 386කට කඩුලු 6ක් බිඳ වැටී යම් අසීරු අඩියක පසුවූ ශ්‍රී ලංකා කණ්ඩායමට ජීවයක් ගෙන දීමට මැද පෙළින් පැමිණි කමිඳු මෙන්ඩිස්ගේ විශිෂ්ට පිතිහරඹයත්, ඔහුට අනගි සහයක් ලබාදෙමින් පන්දුවට පහරදුන් තුන්ඉරියව් නවක ක්‍රීඩක මිලාන් රත්නායකගේ සුපිරි පිතිහරඹයත් හේතුවිය.

බංග්ලාදේශ කණ්ඩායම පළමු ඉනිම සඳහා ලබාගත් ලකුණු 495ට පිළිතුරු ලෙස සිය පළමු ඉනිම දියත් කළ ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී ලබාගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 485 ක් පමණි. ඒ අනුව බංග්ලාදේශයට ලකුණු 10ක වාසියක්ද හිමිවිය.

තෙවැනි දිනට තරගය නතර කරන විට පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 368ක් ලබාගැනීමට සමත්ව තිබිණි. එහිදී නායක ධනංජය ද සිල්වා ලකුණු 17ක් සහ කමිඳු මෙන්ඩිස් ලකුණු 37ක් ලබා නොදැවී පන්දුවට පහරදෙමින් කඩුල්ලේ රැඳී සිටියේය.

කෙසේ වුවද 368කට කඩුලු 4ක් ලෙස තිබියදී සිව්වන දිනට තරගය ආරම්භ කරමින් පිටියට පිවිසි ධනංජය ද සිල්වා සහ කමිඳු මෙන්ඩිස්ට ඔවුන් පෙර දිනයේ ගොඩනඟා ගැනීමට සමත්ව තිබූ සබඳතාවය වැඩි වේලාවක් යන්නට මත්තෙන් නිමාකර දැවීමට බංග්ලාදේශ දඟ පන්දු යවන ක්‍රීඩක නයීම් හසන් සමත්විය. ඔහුගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක ලිටන් ඩාස් අතට උඩපන්දුවක් ලබාදීමෙන් ධනංජය පිටියෙන් ඉවත්ව යන විට ඔහු ලබා තිබූ ලකුණු සංඛ්‍යාව 19කි.

ඉන් අනතුරුව හයවන කඩුල්ල වෙනුවෙන් පිටියට එක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ව ද වැඩි වේලා යන්නට මත්තෙන් පිටියෙන් ඉවත් කිරීමට හසන් මහමුඩ් සමත්විය. කුසල් මෙන්ඩිස් ද පා ඉන්නෙන් ඉවතට යන පන්දුවකට පහරක් එල්ල කිරීමට යෑමෙන් කඩුලු රකින්නා අතට උඩ පන්දුවක් ලබාදීමෙන් ලකුණු 5කට ක්‍රීඩා පිටියෙන් ඉවත්ව ගියේය.

කෙසේ වුවද ඉන් අනතුරුව පිටියට පැමිණි මිලාන් රත්නායක ඒ වන විට සාර්ථක ඉනිමක් ගොඩනඟමින් සිටි කමිඳු මෙන්ඩිස් හා එක්ව සාර්ථක සබඳතාවක් දියත් කළද, ඔවුන් දෙදෙනා මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 470දී දැවී යෑමත් සමගම ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉනිම කඩාගෙන වැටීම එතැනින් ආරම්භ විය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසාන කඩුලු 4 ලකුණු 15ක් තුළ දවාගත් බංග්ලාදේශ පන්දු යවන්නෝ ඔවුන් සිය පළමු ඉනිමේදී ලබාගත් ලකුණු 495ට ලකුණු 10ක් මෙපිටින් එනම් ලකුණු 485කට සීමා කිරීමට සමත්විය.

ඒ අනුව ලකුණු 10ක වාසියක් සමග සිය දෙවැනි ඉනිම ආරම්භ කරමින් පන්දුවට පහර දීමට පැමිණි බංග්ලාදේශ කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු පුවරුව 24ක් වනවාත් සමගම එනමුල් හක් ව පිටියෙන් ඉවත් කිරීමට ප්‍රභාත් ජයසූරිය සමත්විය.

අනතුරුව මංගල ටෙස්ට් වරම් දිනාගත් තරිඳු රත්නායක බංග්ලාදේශ කණ්ඩායමේ දෙවැනි කඩුල්ල ලෙස මොමිනුල් හක් ගේ කඩුල්ල දවාගැනීමට සමත්විය. ඒ වන විට මොමිනුල් හක් ලකුණු ලකුණු 14ක් ලබා සිටියේය.

ඉන් පසු සිව්වන කඩුල්ල සඳහා පිටියට එක්වූ බංග්ලාදේශ නායක නජ්මුල් හුසේන් සහ ආරම්භක පිතිකරු වන ශඩ්මන් ඉස්ලාම් එක්ව නැවත ඉනිම ස්ථාවර කරමින් සාර්ථක සබඳතාවක් ගොඩනැඟීමට සමත්විය. ඔවුන් දෙදෙනා එක්ව එම කඩුල්ල සඳහා ලකුණු 68ක සබඳතාවක් ගොඩනැඟීමට සමත්විය. ලකුණු 128දී රත්නායකගේ පන්දුවක් හමුවේ ශඩ්මන් ඉස්ලාම් දැවී යන විට ඔහු ලකුණු 76ක් ලබා තිබිණි.

ලකුණු සාරාංශය

ශ්‍රී ලංකාව සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 485යි.

පැතුම් නිස්සංක 187, කමිඳු මෙන්ඩිස් 87, දිනේෂ් චන්දිමාල් 54, ඇන්ජලෝ මැතිව්ස් 39, මිලාන් රත්නායක 39, ලහිරු උදාර 29, ධනංජය ද සිල්වා 19යි.

නයීම් හසන් 121/5, හසන් මහමුඩ් ලකුණු 74/3, මොමිනුල් හක් 28/1, තයිජුල් ඉස්ලාම් 156/1යි.

බංග්ලාදේශය සිය දෙවැනි ඉනිම සඳහා කඩුලු 3ක් දැවී ලකුණු 177යි.

ශඩ්මන් ඉස්ලාම් 76, මොමිනුල් හක් 14, නජ්මුල් හුසේන් නොදැවී 56, මුෂ්ෆිකර් රහීම් නොදැවී 22යි.

ප්‍රභාත් ජයසූරිය 48/1, තරිඳු රත්නායක 51/1, මිලාන් රත්නායක 13/1.

සිසිර ඉන්ද්‍රජිත්

සංස්කරණය – සුසිල් ජයකොඩි

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ඇහැලේපොළ වලව්වෙන් දිස්වන අතීත ශ්‍රී විභූතිය

July 9, 2025

ලන්ඩනයේදී ගුවන් යානයක් කඩා වැටේ

July 14, 2025

ඊළාම් යුද්ධයේ අවසන් පැය කිහිපය ඇසින් දුටු සාක්ෂිකරුවා ඉන්දියානු මාධ්‍යවේදී මුරලි රෙඩ්ඩි

July 9, 2025

රවි කටකයට

July 13, 2025

අනුරාධපුර ගොස් තලගොයින් ද මැරීම!

July 12, 2025
Related News
ක්‍රී​ඩා

පළමුවරට හිරුණ සහ මීදුම් රන් පදක්කම් දිනති

ක්‍රී​ඩා

බංග්ලාදේශය හමුවේ ශ්‍රී ලංකාවට දරුණු පරාජයක්

ක්‍රී​ඩා

ජවසම්පන්න පහරකට විශේෂඥ පුහුණුවක්

ක්‍රී​ඩා

විම්බල්ඩන් ටෙනිස් ශූරතාව ඊගා ශ්වියොන් ටෙක්ට

ක්‍රී​ඩා

ගාල්ලේ මහා ක්‍රිකට් සංග්‍රාමය 18 – 19

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok