Monday, 14 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ශ්‍රී ලංකා නැගී එන සහ කොදෙව් ඇකඩමි කණ්ඩායම් සිව් දින තරගාවලිය සම වෙයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Monday, 14 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ශ්‍රී ලංකා නැගී එන සහ කොදෙව් ඇකඩමි කණ්ඩායම් සිව් දින තරගාවලිය සම වෙයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ක්‍රී​ඩා

ශ්‍රී ලංකා නැගී එන සහ කොදෙව් ඇකඩමි කණ්ඩායම් සිව් දින තරගාවලිය සම වෙයි

June 19, 2025
315 Views

බටහිර ඉන්දීය කොදෙව් දේශයේ තරග සංචාරයක නියැළී සිටින ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ඇකඩමි කණ්ඩායම අතර පැවැති දෙවැනි සිව්දින ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම පරදවා ඉනිමක සහ ලකුණු 26 ක ජයක් වාර්තා කිරීමට සත්කාරක කොදෙව් ඇකඩමි ක්‍රීඩකයෝ සමත්වූහ. තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම ලකුණු 75 ක ජයක් වාර්තා කර ගත් හෙයින් දෙපිළ අතර තරගාවලිය 1-1 ක් ලෙස සම තත්ත්වයෙන් අවසන් විණ.

කූලිජ්හි පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලකුනු 241 ක් රැස් කළ අතර එහිදී වැඩිම ලකුණු ලද පිතිකරුවා බවට අංජල බණ්ඩාර (56) පත්විය. පන්දු 104 කට මුහුණ දුන් අංජල 6 වැනි කඩුල්ල වෙනුවෙන් සොහාන් ද ලිවේරා සමග එක්ව ලකුණු 68 ක සම්බන්ධතාවක් පැවැත්වීමටද සමත්විය. පන්දු 50 කට මුහුණ දුන් ලිවේරා හතරේ පහර 4 ක් ද සමගින් ලකුණු 41 ක් ලබා ගැනීමට සමත්වීය. මීට අමතරව අහන් වික්‍රමසිංහ පන්දු 63 කදී ලකුණු 48 ක් ලබා ශ්‍රී ලංකා නැගී එන ඉනිම පෝෂණය කළහ.

පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කළ බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි පිතිකරුවෝ පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 374 ක් ලබා ගත්තේ එම ඉනිමේ පිතිකරුවන් සිව් දෙනකුම අර්ධ ශතක වාර්තා කර ගැනීමට සමත්වීමත් සමගිනි. ඒ අතරින් වැඩිම ලකුණුලාභියා වූයේ 20 හැවිරිදි මවෙන්ද්‍ර ඩින්යාල් වන අතර ඔහු පන්දු 158 කදී ලකුණු 82 ක් ලබා ගත්තේය.

පන්දු යැවීමේදී දිලුම් සුදීර ලකුණු 79 කට කඩුලු 4ක් දවා ගනිද්දී අශෙයින් ඩැනියල් කඩුලු 3ක් සහ දුලාජ් සමුදිත කඩුලු 2ක් දවාලමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

ලකුණු 133 කට පිටුපසින් සිට නැවතත් තම දෙවැනි ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා නැගී එන ක්‍රීඩකයන්ට සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 107 ක් පමණක් බැවින් සත්කාරක පිළට යළිත් පන්දුවට පහර දීමට අවශ්‍යතාවක් පැන නොනැගිණ. ශ්‍රී ලංකා දෙවැනි ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණුලාභියා වූ නායක ධනංජය ලක්ෂාන් පන්දු 34 කට මුහුණ දෙමින් ලකුණු 50ක් රැස් කර ගත්තේය.

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම පළමු ඉනිම සියලුම දෙනා දැවී 241 – රවිඳු රසාන්ත 24, අහන් වික්‍රමසිංහ 48, සොහාන් ද ලිවේරා 41, අංජල බණ්ඩාර නොදැවී 56, රෙනිකෝ ස්මිත් 53/2, නේතන් එඩ්වර්ඩ් 44/2, ජොෂුවා බිෂොප් 68/3, සිශාන් මොටරා 32/2)

බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි කණ්ඩායම පළමු ඉනිම සියලුම දෙනා දැවී 374 – අකීම් ඔගස්ටේ 50, මවෙන්ද්‍ර දින්ද්‍යාල් 82, ටෙඩී බිෂොප් 50, කාලන් බෝවෙන් 27, රිවල්ඩෝ ක්ලාර්ක් 57, නේතන් එඩ්වර්ඩ් 37, දුලාජ් සමුදිත 70/2, අශේන් ඩැනියෙල් 74/3, දිලුම් සුදීර 79/4

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 107 – ධනංජය ලක්ෂාන් 50, කෙල්වින් පිටම්නෝ 22/3, නේතන් එඩ්වර්ඩ් 36/2, රනෙකෝ ස්මිත් 29/2, සිශාන් මොටාරා 04/2)

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ඇහැලේපොළ වලව්වෙන් දිස්වන අතීත ශ්‍රී විභූතිය

July 9, 2025

ලන්ඩනයේදී ගුවන් යානයක් කඩා වැටේ

July 14, 2025

ඊළාම් යුද්ධයේ අවසන් පැය කිහිපය ඇසින් දුටු සාක්ෂිකරුවා ඉන්දියානු මාධ්‍යවේදී මුරලි රෙඩ්ඩි

July 9, 2025

රාජ නාගයකු බේරාගත් කේරළ වන නිලධාරිනිය සමාජ මාධ්‍ය කලඹයි

July 8, 2025

රවි කටකයට

July 13, 2025
Related News
ක්‍රී​ඩා

පළමුවරට හිරුණ සහ මීදුම් රන් පදක්කම් දිනති

ක්‍රී​ඩා

බංග්ලාදේශය හමුවේ ශ්‍රී ලංකාවට දරුණු පරාජයක්

ක්‍රී​ඩා

ජවසම්පන්න පහරකට විශේෂඥ පුහුණුවක්

ක්‍රී​ඩා

විම්බල්ඩන් ටෙනිස් ශූරතාව ඊගා ශ්වියොන් ටෙක්ට

ක්‍රී​ඩා

ගාල්ලේ මහා ක්‍රිකට් සංග්‍රාමය 18 – 19

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok