බස්නාහිර පළාත් රග්බි පාපන්දු සංගමය (WPRFU) සමග ස්ලින් මොබිලිටි පුද්ගලික සමාගම සමග අවබෝධතා ගිවිසුමක් පසුගියදා අත්සන් තබන ලදී.
මෙම හවුල්කාරිත්ව ඇති කරගත් පළමු පළාත් සංගමයද වෙයි.
මෙම සංගමය කොළඹ, ගම්පහ, කළුතර දිස්ත්‍රික් රග්බි ක්‍රීඩාවේ සංවර්ධනය වෙනුවෙන් උපකාරී වෙයි.
මෙම අවබෝධතා ගිවිසුම ස්ලින් මොබිලිටි කළමනාකාර අධ්‍යක්ෂ ලව් යාදව් මහතා සහ (WPRFU) සභාපති රොෂාන් ඩීන් මහතා විසින් මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කරන ලදී.
මෙම අවස්ථාවට බස්නාහිර පළාත් රග්බි පාපන්දු සංගමයේ නිසාම් ජමාල්ඩීන් මහතා, නියෝජ්‍ය සභාපති ශම්රත් ප්‍රනාන්දු මහතා, උප සභාපති වරුණ ද සිල්වා මහතා, ලේකම් රුෂාන් හමීඩ් මහතා, සහකාර ලේකම් අමත් බූසෝ මහතා, භාණ්ඩාගාරික නාසිම් ගෆූර් මහතා, සහකාර භාණ්ඩාගාරික සාගරිකා කුලතුංග මහත්මිය කාන්තා නියෝජිත යන අය සහභාගි වූහ.