ඥාතියාගේ අතින් 23 හැවිරිදි තරුණයෙක් මරුට
එකට මත්පැන් බොන අතරේ ඇතිවූ වචන හුවමාරුවක් දුරදිග යෑමෙන් පසු එක් පුද්ගලයකු විසින් ඔහුගේ සහෝදරියගේ පුතාට කඩුවකින් පහර දී ඝාතනය කර ඇතැයි මතුගම පොලිසිය කියයි.
ඉකුත් 11 වැනිදා රාත්‍රී 7.00ත් 8.00ත් අතර කාලයේ දී යටදොළ, ඇඹරැල්ලගහවත්ත මාර්ගයේ දී වූ මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ හෙට්ටි කංකානම්ගේ අයේෂ් චාමික රසාංග පෙරේරා නම්වූ 23 හැවිරිදි අයෙකි. ඔහු ඇඹරැල්ලගහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මියගිය අයගේ පියා ද (අවු.51) තුවාල ලබා කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
සිද්ධිය වූ දින සවස ඥාති දෙපිරිසම යටදොළ ප්‍රදේශයේ හෝටලයක එකට මත්පැන් පානය කර ඇති අතර එහිදී ඇතිවූ බහින් බස්වීමක් ආපසු එමින් සිටියදී ගැටුමක් බවට පත්වී මහ මාර්ගයේ දී මෙම ඝාතනය සිදුවී ඇතැයි පොලිසිය කියයි.
තුවාලකර කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කර සිටියදී මියගොස් ඇත. 39 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය පරීක්ෂණ පවත්වයි.
මතුගම පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්. ඩී. පී. ජයතිලක මහතාගේ මෙහෙයවීම යටතේ මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙයි.
කළුතර විශේෂ – එස්.ආරච්චිගේ සහ මතුගම බන්දු තඹවිට