ඉහළ කොත්මලේ වාන් දොරටුවක් ඇරේ
ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් ඊයේ (11 දා) අලුයම සිට විවෘත කර ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පැවසීය.

එම ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් වැසි ලැබුණ හොත් එම ජලාශයේ සෙසු වාන් දොරටු ස්වයංක්‍රීයව විවෘත වන නිසා ජලාශ වේල්ලට පහළින් කොත්මලා ඔය දෙපස පදිංචිකරුවන් සැලකිලිමත්ව සිටින ලෙස එම ජලාශ භාර ඉංජිනේරුවරුන් ඉල්ලා සිටී.
පවතින වර්ෂාවත් සමග සෙන්ට්ක්ලෙයාර් සහ ඩෙවෝන් දිය ඇළිවලද ගලා හැලෙන ජල ධාරිතාව ඉහළ ගොස් ඇත.
නුවරඑළිය – නාලක රත්නායක
විමලසුරේන්ද්‍ර ජලාශයත් වාන්දමයි

නෝර්ටන්බි්‍රජ් විමලසුරේන්ද්‍ර ජල පෝෂක ප්‍රදේශවලට පෙරේදා (10 දා) රාත්‍රියේ සිට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් විමලසුරේන්ද්‍ර ජලාශය ඊයේ (11 දා) උදෑසන සිට වාන් දැමීමට පටන්ගෙන ඇත. ජලාශය වාන් දැමීමත් සමග කැලණි ගඟේ ජල මට්ටම තරමක් ඉහළ ගොස් ඇති බව නුවරඑළිය ආපදා කළමනාකරණ ඒකකය කියා සිටී.
නුවරඑළිය – නාලක රත්නායක