වජිර අබේවර්ධන
පළාත් පාලන ආයතනවල සභාපති ධුර සඳහා පළපුරුද්දක් නොමැති නියෝජිතයන් පත් කළහොත්, පාර්ලිමේන්තුව තුළ සිදුවූ දෙයම පළාත් පාලන ආයතන තුළත් සිදුවේ යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා අවධාරණය කළේය.
එසේම පළාත් පාලන ආයතන තුළ ආණ්ඩු පක්‍ෂය සහ විපක්‍ෂය යනුවෙන් කොටස් දෙකක් නොමැති බවත් පළාත් පාලන ආයතන තුළ කටයුතු සිදුවන්නේ වෙනම ක්‍රමවේදයකට බවත් ඒ අනුව කටයුතු කරමින් ජනතාවගේ සුබසිද්ධිය ඉහළ නැංවිය යුතුව ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
වජිර අබේවර්ධන මහතා මෙම අදහස් පළ කළේ ගාල්ල, මාපලගම අතුල දර්ශනාරාම විහාරස්ථානයේ විහාරාධිකාරී පූජ්‍ය මාපලගම ධම්මික හිමිපාණන්ගේ අනුශාසකත්වයෙන්, වජිර අබේවර්ධන මහතා ඇතුළු එම පවුලේ සහ මාපලගම ප්‍රදේවාසී සැදැහැවත් දායක කාරකාදීන්ගේ සහයෝගයෙන් එම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද නව බෝධි ප්‍රාකාරය සඟ සතු කිරීමේ වැඩසටහනකට ඊයේ (10දා) සහභාගී වූ අවස්ථාවේ පැමිණ සිටි මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
මම හිටපු පළාත් පාලන සහ පළාත් සභා ඇමැතිවරයා. මම ඇමැතිවරයාව සිටියදී ගාල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සියල්ලක්ම තිබුණේ පොහොට්ටුව සතුව. මුළු දිවයිනම ගත්තත් බහුතරයක් සභාපති ධුර තිබුණේ පොහොට්ටුව සතුව. නමුත් මම පොහොට්ටුවේ සභාපතිවරු සහ උපසභාපතිවරු සියල්ලටම එන්න කියලා අමාත්‍යාංශයෙන් ඒ ඒ පළාත් පාලන සඳහා වෙන් කර තිබූ මුදල් ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් යොදවන්න කියලා ඔවුන්ට උපදෙස් ලබාදුන්නා. මම නම් හිතන්නේ එය තමයි විය යුත්තේ. එහෙම නැතිව තමන්ගේ බලය අනුව ක්‍රියාකිරීම නෙමෙයි සිදුවිය යුත්තේ.
හිනිදුම – රවීන්ද්‍ර චන්ද්‍රලාල්ගාල්ල – ලලිත් චාමින්ද