බෙලිහුල්ඔය නන්පේරියල් පාරේදී
බළන්ගොඩ නන්පේරියල්වත්ත ප්‍රදේශයේ සංචාරයක් සඳහා පුද්ගලයන් පස්දෙනකු සමග ගමන් කරමින් තිබූ ජීප් රථයක් අඩි 200ක් පමණ ප්‍රපාතයට පෙරළී ඇත.
මෙම අනතුරෙන් දෙදෙනකු තුවාල ලබා පෙරේදා (10 දා) බළන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
මේ පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ සමනළ වැව පොලිසිය මගින් සිදුකරන බව එහි ස්ථානාධිපති ප්‍ර.පො.ප. රවීන්ද්‍ර ජයතිස්ස මහතා පැවසීය.
පෙරළී තිබූ රථය ඡායාරූපයේ දැක්වේ.
බළන්ගොඩ – එන්. එච්. පියසේන