Monday, 14 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: මරදන්කඩවල දම්පැලැස්සෙන් ගැමි සුවඳ මතින් බිහිවුණු ‘සරසවි විශ්ව ගම්මානය’
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Monday, 14 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: මරදන්කඩවල දම්පැලැස්සෙන් ගැමි සුවඳ මතින් බිහිවුණු ‘සරසවි විශ්ව ගම්මානය’
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රාදේශීය පුවත්

මරදන්කඩවල දම්පැලැස්සෙන් ගැමි සුවඳ මතින් බිහිවුණු ‘සරසවි විශ්ව ගම්මානය’

July 4, 2025
356 Views

සරසවි විශ්ව ගම්මානය පසුගියදා හෝමාගම දාම්පේ වෙරළුගොඩ අක්කර එකහමාරක භූමියක ස්ථාපිත කරන ලදී. අනුරාධපුර මරදන්කඩවල දම්පැලැස්ස ගම් පියසෙන් ඉපිද කොළඹ විශ්වවිද්‍යාලයෙන් උපාධිය හදාරා අනතුරුව පාර්ලිමේන්තු ආංශික අධීක්‍ෂණ කාරක සභා තරුණ නියෝජිතවරයකු ලෙස කටයුතු කළ ටී. තුෂිත කුමාර මහතාගේ සංකල්පයක් මත මෙම සරසවි විශ්ව ගම්මානය සාහිත්‍ය සූරී මහාචාර්ය ප්‍රීති කුලතුංග මහතා විසින් පරිත්‍යාග කරන ලද ඉඩමෙහි ස්ථාපිත කරන ලදී.

මීට වසර පහකට පමණ ඉහතදී මල්වතු පාර්ශ්වයේ ගාලු කඩවත් සතර හා බෙන්තර වලල්ලාවිට කෝරළයේ උප ප්‍රධාන සංඝනායක ඇල්ලේ ඤාණසිරි හිමියන් ඇතුළු උගත් වියත් මහ සඟරුවනගේ දායකත්වය මත බෞද්ධ දර්ශනයේ පුනර්ජීවනය උදෙසා විවිධ දේශනා පවත්වමින් භික්‍ෂුන් වහන්සේලා තුෂිත කුමාර මහතාගේ සංකල්පය මත ශ්‍රී ශාක්‍යසිංහ පදනම නිර්මාණය වී ඇත. තුෂිත මහතා විසින් අන්තර්ජාලය ඔස්සේ බෞද්ධ වැඩසටහන් විශ්වවිද්‍යාල ආචාර්ය හා මහාචාර්යවරුන් සම්බන්ධ කර ගනිමින් ජනතාවට දැනුම ලබාදෙන ලදී. ඒ හරහා ශ්‍රී ශාක්‍යසිංහ සරසවිය හා රෝයල් හයි කැම්පස් යන ආයතන දෙස් විදෙස් දූ දරුවන්ට පමණක් නොව භික්‍ෂුන් වහන්සේලාට අවශ්‍ය දැනුම ලබාදීමටද ඉඩකඩ වෙන්වුණි. ඊට අමතරව සිල් මෑණිවරුන්ට, රාජ්‍ය සේවකයන්ට විවිධ වෘත්තීන් හි නියැළෙන්නන්ට දැනුම ලබාදීමද එම පදනම විසින් සිදු කරනු ලබන අතර ශ්‍රී ශාඛ්‍ය සිංහ සරසවිය හරහා බෞද්ධ වැඩසටහන් ද ශ්‍රී දළදා මාලිගයට අනුබද්ධ ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාල හරහා උපාධි, පශ්චාත් උපාධි හැදෑරීමට අවස්ථාව ලබාදීමට හැකිවීම ජයග්‍රහණයක් බව සරසවි ගම්මාන විවෘත කිරීමේදී පැවැති උත්සවයේදී එහි අධ්‍යක්‍ෂ තුෂිත කුමාර මහතා සඳහන් කළේය.

මෙම අවස්ථාව ආරාධිත අමුත්තන් ලෙස පැමිණි ශ්‍රී ශාඛ්‍යසිංහ පදනමේ සභාපති උතුරු මැද පළාත් අධිකරණ සංඝනායක අඹගස්වැවේ මුනින්දාලංකාර හිමියන් සහ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් මෙම සරසවි ගම්මානය හරහා තරුණ පරපුරට ලබාගත හැකි දැනුම මෙන්ම තාක්‍ෂණය පිළිබඳව විශේෂ දේශනයක් කළ අතර එම අවස්ථාවට පැමිණී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා විසින් ද තාක්‍ෂණය වත්මන් පරපුරට ලබාගැනීම හා ඒ තුළින් ලෝකය ජය ගන්නේ කෙසේද යන්න පිළිබඳවත් පැහැදිලි කරන ලදී.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මධ්‍යම කාරක සභික හා මහරගම හිටපු නාගරික මන්ත්‍රිනී හා සරසවි විශ්ව ගම්මානයේ ජ්‍යෙෂ්ඨ උපදේශක චන්ද්‍රිකා ද සොයිසා මහත්මිය, සෙනෙවිරත්න කීරවැල්ල මහතා ඇතුළු විද්වතුන් හා ගම්වාසීන් විශාල පිරිසක් සහභාගි වූහ.

අරුණ බෝගහවත්ත

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ඇහැලේපොළ වලව්වෙන් දිස්වන අතීත ශ්‍රී විභූතිය

July 9, 2025

ලන්ඩනයේදී ගුවන් යානයක් කඩා වැටේ

July 14, 2025

ඊළාම් යුද්ධයේ අවසන් පැය කිහිපය ඇසින් දුටු සාක්ෂිකරුවා ඉන්දියානු මාධ්‍යවේදී මුරලි රෙඩ්ඩි

July 9, 2025

රාජ නාගයකු බේරාගත් කේරළ වන නිලධාරිනිය සමාජ මාධ්‍ය කලඹයි

July 8, 2025

රවි කටකයට

July 13, 2025
Related News
ප්‍රාදේශීය පුවත්

අසූඅට හැවිරිදි මිසිලින් නෝනාට සම්මාන සාමාර්ථයක්

ප්‍රාදේශීය පුවත්

බල්තසාර් ජපන් නැටුමක

ප්‍රාදේශීය පුවත්

15 හැවිරිදි සිසුවිය ගැබිනියක කර ටික් ටොක් පෙම්වතා මාරුවෙයි

ප්‍රාදේශීය පුවත්

ජෝති උපහාර “සිරියාමේ සාරා” ප්‍රසංගයෙන් කලකට පසු ‘එල්ෆින්ස්ටන්’ උතුරා පිටාර ගලයි

ප්‍රාදේශීය පුවත්

මහවිලච්චිය, ඇලපත්ගම “සෝභිත නාහිමි ගම”‍ ජනතා අයිතියට…

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok