ප්‍රශ්නය විසඳීමට රජය පියවර ගත යුතු බව සංගමයේ විමලරත්න කියයි
ගුරු අධ්‍යාපනඥයන් 2100 ක් වර්තමානයේ සිටිය යුතු වුවත් මේ වනවිට සිටිනුයේ 690 ක ගුරු අධ්‍යාපනඥයන් පිරිසක් බවත්, මෙය මේ වනවිට විශාල ප්‍රශ්නයක් බවට පත්ව ඇති බවත් ශ්‍රී ලංකා අධ්‍යාපනඥ සේවා කථිකාචාර්ය වෘත්තීය සංගමයේ මාධ්‍ය ලේකම් ඩී. කේ. ජී. විමලරත්න මහතා “දිවයින” ට ඊයේ (02දා) පැවසීය.
ලබන සතියේ අලුතින් 600 ක ගුරු අධ්‍යාපනඥයන් පිරිසක් සේවයට එකතු වන බවත්, එහෙත් තවත් 800 ක ගුරු අධ්‍යාපනඥයන්ගේ හිඟයක් පවතින බවත් ඒ මහතා කියා සිටියේය.
ගුරු අධ්‍යාපනඥයන්ගේ හිඟය හේතුවෙන් වත්මන් ගුරු අධ්‍යාපනඥයන් දැඩි අපහසුතාවයෙන් සිය සේවාව සිදු කරගෙන යන බවද ඒ මහතා කියා සිටියේය.
මේ සම්බන්ධයෙන් පීඨාධිපතිවරුන් දැනුවත් කර තිබෙන බවද ඒ මහතා කීය.
මෙම ගුරු අධ්‍යාපනඥයන්ගේ හිඟය පියවීමට වහා මැදිහත්වන ලෙසද ඒ මහතා වත්මන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
මේ අතර ගුරු විද්‍යාලවල, ගුරු මධ්‍යස්ථානවල භෞතික සම්පත්වල හිඟයක් ද මතුවී ඇතැයි ද ඒ මහතා කීය.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්