ප්‍රදේශය පුරා දුමාරයක් සමග දුර්ගන්ධයක් යාපනය මහ නගර සභාවට ජනතාවගෙන් චෝදනා
යාපනය මහ නගර සභාව විසින් කුණු කසළ ඉවත් කොට ගොඩගසන කලුන්දෙයි ප්‍රදේශයේ පිහිටි කුණු කන්ද ගිනි ඇවිළෙමින් පවතී.
මේ වන විට විශාල ගින්නක් පැතිර යමින් පවතින නමුත් යාපනය මහ නගර සභාවේ ගිනි නිවන රථ හා එහි සම්පත් කසළ කන්දේ ගින්න නිවීමට ප්‍රමාණවත් නොවන බව යාපනය මහ නගර සභාවේ ප්‍රකාශකයකු පැවසීය.
යාපනය මහ නගර සභාවේ ගිනි නිවන රථයක් පමණක් නිසි ලෙස ක්‍රියාත්මක වන බවත් අනෙක් දෙක අක්‍රියව පවතින බවත් ඔහු ප්‍රකාශ කළේය.
එබැවින් බවුසරයක් ආධාරයෙන් ජලය ඉසින මෙහෙයුම් සිදු කළ ද ගින්න පාලනය කිරීමට නොහැකි වී ඇති බව නගර සභාවේ ප්‍රකාශකයා කියා සිටියේය.
කසළ කන්ද ගිනි ගැනීම නිසා විශාල දුමාරයක් පළාත පුරා හමායන අතර දැඩි දුර්ගන්ධයක් ද ඒ ප්‍රදේශය පුරා පැතිර යන්නට පටන් ගෙන තිබේ.
මේ ගින්නත් සමගම යාපනයේ ජනතාව යාපනය මහ නගර සභාවේ නිලධාරීන්ට චෝදනා කරමින් ප්‍රකාශ කොට සිටින්නේ, නගර සභාව විසින් කසළ බැහැර කිරීම සඳහාත් කසළ ප්‍රතිචක්‍රීකරණය කිරීම පිණිසත් නිසි වැඩපිළිවෙළක් සකස් නොකිරීම නිසා සෑම වර්ෂයකම පාහේ කලුන්දෙයි ප්‍රදේශයේ මෙම කසළ කන්ද ගිනිගැනීමෙන් අනවශ්‍ය පාරිසරික ප්‍රශ්නවලට යාපනයේ ජනතාවට මුහුණපෑමට සිදුවන බවයි.
දිනසේන රතුගමගේ