රුපියල් කෝටි හයකට අධික වටිනාකමකින් යුතු ජංගම දුරකථන, ටැබ් පරිගණක සහ පරිගණක 238ක තොගයක්, නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත්, ඒවා කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ‘හරිත මාවත’ ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියකු ඊයේ (30 දා) අලුයම ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මොහු 22 හැවිරිදි අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකි. ඔහු ඊයේ (30 දා) අලුයම 05.30 ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි. ඔහු විසින් රැගෙන ආ ගමන් මලු 04 ක් තුළ මෙම නවීනතම විද්‍යුත් සන්නිවේදන උපකරණ තොගය සඟවා ගෙන තිබූ බව රේගු නිලධාරීහු පැවසූහ.මේ වන විට මෙම ගුවන් මගියා අත්අඩංගුවේ තබා ගෙන ගුවන් තොටුපොළ රේගු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදු කරති.
කටුනායක ටී.කේ.ජී.කපිල