ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යයේ මේ දිනවල අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ
කතරගම කඳ කුමරුන්ගේ සහ වල්ලි දෙවඟනගේ විවාහය සමරමින් පැවැත්වෙන ඇසළ මංගල්ලයේ දී සුවිශේෂිත වූ චාරිත්‍රයක් ඉටු කිරීමට ආදිවාසීන්ද එක්වේ.
දඹන ඌරුවරිගේ පරපුරේ ආදිවාසීන් විසින් සිදු කරනු ලබන චාරිත්‍රයක් වන්නේ දෙවියන් වැඩම වන වාසනා හස්තියා ප්‍රධාන වාහල්කඩ දොරටුව වෙත ගමන් කරන අවස්ථාවේදී දුණු ඊතල ගෙන වීදීමට සැරසීමයි. එහිදී දේවාලයේ මහා බේත්මේ දායානන්ද අදිකාරම් නිලමේතුමා විසින් පඬුරු පාක්කුඩම් මල්ලක් ලබාදීමට ක්‍රියා කරති. එම පඬුරු මල්ල ලබාගත් ආදි වාසීන් දොහොත් මුදුන් තබා වැඳ පෙරහැරේ දෙවියන් වැඩම වන හස්තියා ඉදිරියෙන් පසුපසට යමින් චාරිත්‍රය ඉටු කරති.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ආදිවාසී ලොකු බණ්ඩියා ඇත්තෝ පැවසුවේ අපිලැත්තෝ නියෝජනය කරන්නේ වල්ලි ඇත්තියගේ පරපුරේ අය බවයි.
අතීතයේ ස්කන්ධ කුමරුන් වල්ලි දෙවඟන රැගෙන යන විටදී එයට එරෙහි වූ අතීතයේ සිටි බණ්ඩියා වැදි නායකයා ඇතුළු පිරිස කඳ කුමරුන් වෙත ඊතලවලින් විදින ලද බවයි.
මහා බලයක් ඇති ස්කන්ධ කුමරුන් තමන්ට එරෙහිවූ පිරිස සිහි මූර්ඡා කළ බවත් පසුව වල්ලි දෙවඟන විසින් කඳ කුමරුන්ගෙන් අයැද සිටියේ තම වරිගයේ අයට සමාව ලබාදෙන ලෙසත්, විකෘති තත්ත්වයට පත්කළ පිරිස නැවත ප්‍රකෘති තත්ත්වයට පත් කර සමාව ලබාදෙන ලෙසත්ය.
පසුව ආදිවාසී නායකයා විසින් තම වරිගයේ අයට කුමක් හෝ රාජකාරියක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කර ඇත.
එම ඉල්ලීම අනුව සෑම වසරකදීම පිරිමි පිරිසට කතරගම දේවාලයේ මංගල්ලයන් තුනට පැමිණ සිදුවීම සමරන ලෙසත්, කාන්තා පිරිසට සෑම වර්ෂයකම පෙරහැර මංගල්ලයට සහාභාගි වී චාරිත්‍ර ඉටුකිරීමටත්, දේවාලයේ දෛනිකව සිදුවන උදේ සවස පූජාවට සහභාගී වී චාරිත්‍ර ඉටුකරන ලෙස ස්කන්ධ කුමරුන් කළ නියෝගය අද දක්වා ඔවුන් පිළිපදිමින් පවතී.