ඇල්ල ප්‍රදේශයේ සිට ත්‍රිකුණාමලය දක්වා පාසල් දරුවන් රැගෙන අධ්‍යාපන චාරිකාවක් යමින් තිබූ බස් රථයක රියැදුරු බීමතින් රිය පැදවීම හේතුවෙන් පෙරේදා (28) කන්තලේ තඹලගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බවට වාර්තා වෙයි.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ ඇල්ල ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි අයෙකි.
කන්තලේ කොට්ඨාශ රථවාහන අංශයේ නිලධාරීන් තඹලාගමුව ප්‍රදේශයේ මාර්ගයේ ගමන්ගන්නා රථවාහන සෝදිසි මෙහෙයුමක් අතරතුර ඇල්ල ප්‍රදේශයේ දමිල පාසලක දරුවන් 55 ක් හා ගුරුවරු 6 ක් හා දෙමාපියන් දෙදෙනෙකු සමග පැමිණි මෙම බස් රථයේ බීමත් රියැදුරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ තඹලාගමුව පොලිසිය බසයේ සිටි පාසල් දරුවන් හට වෙනත් රියැදුරෙකු යොදවා අධ්‍යාපන චාරිකාව යෑමට සලස්වා ඇත. මෙහිදී ගුරුවරුන් පොලිසියට ප්‍රකාශයක් ලබාදෙමින් කියා ඇත්තේ මෙම රියැදුරු බීමත්ව සිටින බව තමන් නොදන්නා බවයි.
කන්තලේ – ඩබ්.එම්. වික්‍රමසිංහ