ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යය මේ දිනවල අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වේ. කඳ කුමරුන්ගේ සහ වල්ලි දෙවගනගේ විවාහය සනිටුහන් කරමින් වාර්ෂිකව පැවැත්වෙන කතරගම ඇසළ මංගල්‍යයේදී සිදු වන්නේ දෙවියන් වැඩමා ගෙන මහා දේවාල භූමියෙන් පෙරහැර ආරම්භ කර පිට වීදිය ඔස්සේ වල්ලි අම්මා දේවාලය වෙත පැමිණ දුටු ගැමුණු රජතුමා විසින් නියෝග කළ චාරිත්‍ර කපුමහතුන් විසින් ඉටු කිරිමයි.

ඉන් පසුව නැවත මහා විදිය ඔස්සේ මහා දේවාලය වෙත පෙරහැර පැමිණ ගෙවදීමෙන් පසු පෙරහැර අවසන්වේ.
කතරගම – කේ.ඩී. දේවප්‍රිය