නාරාහේන්පිට ශ්‍රී අභයාරාම පුරාණ විහාරය, මත්තේගොඩ ශ්‍රී ආනන්ද බෝධි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය යන උභය මහ විහාරාධිපති කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ ශිෂ්‍ය පැපිලියානේ ලංකානන්ද සාමණේරයන් වහන්සේ උපසම්පදා ශීලයෙහි පිහිටුවීම ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රජමහ විහාරස්ථ මංගල උපෝසථාගාරයේදී සිදු විය.
උන්වහන්සේ පැපිලියාන දිවුල්පිටිය බෙල්ලන්විල හිටපු යොවුන් පෙරමුණේ සභාපති පැපිලියාන තරුණ සංවිධානයේ සභාපති හා සමගි ජන බලවේගයේ කැස්බෑව බෞද්ධ කටයුතු ලේකම් සජි වරුණ පෙරේරා මහතාගේ සහ එම මහත්මියගේ පුත් රුවනකි.අභිනව උපසම්පදාලාභි ස්ථවරයන් මත්තේගොඩ පිංහේන මංසන්දියේ සිට ශ්‍රී ආනන්ද බෝධි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය සඳහා වැඩම කරවාලීම අද (29දා) සවස 3.00ට සිදුවන අතර මංගල ධර්මදේශනාව එදින රාත්‍රි 7.00ට මත්තේගොඩ ශ්‍රී ආනන්ද බෝධි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන ධර්ම ශාලාවේදී පැවැත්වේ.