පහරකෑ අය මරුමුවට
දැරැණියගල ඉංගරදවුල ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනකු විසින් තියුණු ආයුධවලින් පහරදීම හේතුවෙන් පුද්ගලයකු බරපතළ තුවාල ලබා කුලියාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මරුමුවට පත්ව ඇතැයි දැරැණියගල පොලිසිය පවසයි.
මෙලෙස ඝාතනයට ලක්වී තිබුණේ ඉංගරදවුල, නාරංගොඩ පදිංචිව සිටි 32 හැවිරිදි අයෙකි.කාලයක සිට පැවැති පුද්ගලික ආරවුලක් මෙම ඝාතනයට හේතු වී ඇතැයි පොලිසිය කියයි. ඝාතනය සම්බන්ධයෙන් එක් අයකු අත්අඩංගුවට ගෙන ඇත.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්