Monday, 14 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ව්‍යාපාරිකයකුගේ අත්සන හොරට ගසා ලක්‍ෂ 900ක ණය මුදලක් ලබාගෙනලු
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Monday, 14 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ව්‍යාපාරිකයකුගේ අත්සන හොරට ගසා ලක්‍ෂ 900ක ණය මුදලක් ලබාගෙනලු
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රාදේශීය පුවත්

ව්‍යාපාරිකයකුගේ අත්සන හොරට ගසා ලක්‍ෂ 900ක ණය මුදලක් ලබාගෙනලු

June 27, 2025
2563 Views

කරුණු විමසන්න සී.අයි.ඩී. නිලධාරියා උසාවි කැඳවයි

ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු වන යසසිරි කස්තුරිආරච්චිගේ අත්සන ව්‍යාජ ලෙස යොදා සකස් කළ ව්‍යාජ ඔප්පුවක් උපයෝගී කරගනිමින් රුපියල් ලක්‍ෂ 900ක ණය මුදලක් ලබාගත් බව පෙන්වා ණය බැඳුම්කරයක් සඳහා සුරැකුම් ලෙසට ලබා නොදුන් ඉඩමක් පවරා ගැනීමක් පිළිබඳව සිදු කරන විමර්ශන පිළිබඳව කරුණු දැක්වීම සඳහා ලබන ජූලි 30 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරියා වෙත නොතීසි යැවීමට කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය නියෝග කළාය.

අගතියට පත් ඉඩම් හිමිකරු වන යසෝදා සමූහ ව්‍යාපාරයේ යසසිරි කස්තුරිආරච්චි මහතා වෙනුවෙන් පෙනීසිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා මෝසමක් මගින් නඩුව කැඳවා කළ කරුණු දැක්වීම් සළකා බැලූ මහෙස්ත්‍රාත්වරිය එම නියෝගය කළාය.

සිය සේවාදායකයා එකී වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කොට දීර්ඝ කාලයක් ගතවී ඇති බවත්, ඔහු ප්‍රශ්නගත බැංකුව සමග වසර ගණනාවක් තිස්සේ ණය ගනුදෙනු කළ අයකු බවත්, එකී ණය ගනුදෙනු ගෙවා අවසන් කොට තිබියදීත් ණය බැඳුම්කරයක් ලෙස ඉදිරිපත් කොට තිබූ අක්කර 48ක ඉඩමක් බැංකුවේ නීති නිලධාරිනියක ලෙස කටයුතු කළ ප්‍රසිද්ධ නොතාරිස්වරියක් විසින් ලියන ලද ඔප්පුවක් උපයෝගී කරගෙන එලෙස පවරාගෙන ඇතැයි නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා අධිකරණයට පැවසීය.

සිය සේවාදායකයා ලබා ගත්තේ යැයි කියන එකී රුපියල් ලක්ෂ 900ක කාගේ නමින් කුමන ගිණුමකට තැන්පත් කළේ දැයි කරුණු පවා මේ දක්වා අනාවරණය කිරීමට අදාළ බැංකුව අසමත් වී ඇතැයිද එහිදී අධිකරණයට පෙන්වා දුන් නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා එකී ඔප්පුව යතුරුලියනය කිරීම සඳහා යතුරුලියන හතරක් හා පිටෙන් පිට යතුරුලියන කඩදාසි වර්ග කීපයක් යොදාගෙන ඇති රජයේ රස පරීක්‍ෂකවරයාගේ වාර්තාව අනුව පැහැදිලි වන්නේ යැයිද පෙන්වා දුන්නේය. 1996.01.24 වැනිදා එකී ව්‍යාජ ඔප්පුව සකස්කොට ඇති බවත් අදාළ ව්‍යාපාරිකයාගේ දෙමාපියන් එකී දේපළ උකසින් නිදහස් කරගෙන ඇත්තේ 1998 වසරේදී වන්නේ යැයිද අධිකරණයට පෙන්වා දුන් නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා එකී ව්‍යාජ ඔප්පුව ලියාපදිංචි කිරීම සඳහා අදාළ නොතාරිස්වරිය ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයට යවා ඇත්තේ ඔප්පුවේ සඳහන් දිනට වසර එකහමාරකට පමණ වන්නේ යැයිද වැඩිදුරටත් පැවසීය.

ඒ. ජේ. ඒ. අබේනායක

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ඇහැලේපොළ වලව්වෙන් දිස්වන අතීත ශ්‍රී විභූතිය

July 9, 2025

ලන්ඩනයේදී ගුවන් යානයක් කඩා වැටේ

July 14, 2025

ඊළාම් යුද්ධයේ අවසන් පැය කිහිපය ඇසින් දුටු සාක්ෂිකරුවා ඉන්දියානු මාධ්‍යවේදී මුරලි රෙඩ්ඩි

July 9, 2025

රාජ නාගයකු බේරාගත් කේරළ වන නිලධාරිනිය සමාජ මාධ්‍ය කලඹයි

July 8, 2025

රවි කටකයට

July 13, 2025
Related News
ප්‍රාදේශීය පුවත්

අසූඅට හැවිරිදි මිසිලින් නෝනාට සම්මාන සාමාර්ථයක්

ප්‍රාදේශීය පුවත්

බල්තසාර් ජපන් නැටුමක

ප්‍රාදේශීය පුවත්

15 හැවිරිදි සිසුවිය ගැබිනියක කර ටික් ටොක් පෙම්වතා මාරුවෙයි

ප්‍රාදේශීය පුවත්

ජෝති උපහාර “සිරියාමේ සාරා” ප්‍රසංගයෙන් කලකට පසු ‘එල්ෆින්ස්ටන්’ උතුරා පිටාර ගලයි

ප්‍රාදේශීය පුවත්

මහවිලච්චිය, ඇලපත්ගම “සෝභිත නාහිමි ගම”‍ ජනතා අයිතියට…

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok