රංගනයෙන් ප්‍රේක්‍ෂක හදවත්වලට ආමන්ත්‍රණය කළ රංගවේදීන් මෙන්ම දැයක් අවදි කළ සියලුම කලාකරුවන් වෙනුවෙන් ටවර් හෝල් රඟහල පදනම සහ නාට්‍ය ප්‍රවර්ධන හා කලාකරු සුබසාධන අංශය මගින් සංවිධානය කරනු ලැබූ වෛද්‍ය සායනය ඊයේ (25දා) කොළඹ විජේරාම මාවතේ පිහිටි ටවර් හෝල් රඟහල පදනම ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.

මෙම වෛද්‍ය සායනයේදී අධිරුධිර පීඩනය, ඇස් පරීක්‍ෂාව මෙන්ම ස්නායු රෝග සම්බන්ධයෙන් ද උපදෙස් ලබාදුන් අතර ඇස් කණ්ණාඩි ලබාදීම ද මෙහිදී සිදුවිය.
ටවර් හෝල් රඟහල පදනමේ අධ්‍යක්‍ෂ ජනරාල් ඩී. එම්. එස්. දිසානායක සහ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ චන්දන විජේසුන්දර බණ්ඩාර යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් මෙම වෛද්‍ය සායනය පැවැත්වූ අතර කලාකරුවන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
සටහන සහ ඡායාරූප – සුජාතා ජයරත්න