Friday, 18 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: කෘතිම ශ්වසන යන්ත්‍ර තුනයි තිබෙන්නේ – තව තුනක්වත් තිබෙනවා නම් සේවයත් වැඩි කළ හැකියි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Friday, 18 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: කෘතිම ශ්වසන යන්ත්‍ර තුනයි තිබෙන්නේ – තව තුනක්වත් තිබෙනවා නම් සේවයත් වැඩි කළ හැකියි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
Ad imageAd image
ප්‍රාදේශීය පුවත්

කෘතිම ශ්වසන යන්ත්‍ර තුනයි තිබෙන්නේ – තව තුනක්වත් තිබෙනවා නම් සේවයත් වැඩි කළ හැකියි

June 26, 2025
462 Views

ඇඹිලිපිටිය නොමේරු ළදරු ඒකකයෙන් ඇසෙන කතා…

ඒ සඳහා තව පහසුකම් තියෙනවා නම් අපිට මේ තත්ත්වය වර්ධනයක් දකින්න පුළුවන්. කෘත්‍රීම ස්වසනය ලබාදෙන මැෂින් (වෙන්ටලේටඩ්) තුනයි තියෙන්නේ, තව තුනක්වත් අපිට තියෙනව නම් අපේ සේවය තවත් වැඩි කළ හැකියි. මේ මැෂින් විතරක් තිබුණට මදි

ඇඹිලිපිටිය මහ රෝහලේදී සති 28 න් ඉපදුණු දරුවන් ඉතාමත් සුවෙන් නිරෝගීව රෝහලෙන් නිවසට ගෙනයා හැති තත්ත්වයේ සිටින බව වෛද්‍යවරු පවසති. සති 40 ක් මව් කුසේ වර්ධනය විය යුතු දරුවකු සති 28න් බිහි වූයේ නම් ඔවුන් අඩු පහසුකම් සහිත ඇඹිලිපිටිය වැනි රෝහලක මේ ආකාරයෙන් ඉතා සුවයෙන් නිරෝගී තත්ත්වයට පත්කිරීමට වෛද්‍යවරු සහ කාර්ය මණ්ඩලයේ දැඩි කැපවීමෙන් සිදු කර ඇත.

එච්.එම්. මාධවී සුනේත්‍රා මධුෂානී ඇඹිලිපිටිය 98 ප්‍රදේශයේ පදිංචි මවකි. ඇයගේ සැමියා යුද හමුදා නිලධාරියකු ලෙස සේවය කරයි. ඇයට නිවුන් දරුවන් ලැබුණේ දරුගැබ නිසි වයස සම්පූර්ණ කර නොවේ. ඒ මාස 7ක් වැනි කාලයකදීය. මේ සම්බන්ධයෙන් වෛද්‍යවරු කියා සිටින්නේ මෙසේ උපදින දරුවන් ජීවත් කිරීමේ සම්භාවිතාව අඩු බවත් එසේ ජීවත් වන්නේ නම් ඔවුන් ජීවිත කාලයේම විශාල ආබාධ එනම් ස්නායු ආබාධ ඇති විය හැකි බවයි.

මෙසේ ඉපදුණු නිවුන් දරුවන් මේ වන විට ඉතාමත් සුවෙන් සිටී. දැන් ඔවුන් ගෙදර ගෙන යා හැකි සෞඛ්‍ය තත්ත්වයෙන් කිසිදු අතුරු ආබාධයක් නොමැතිව නිරෝගී සුවයෙන් සිටින බව මේ දරුවන් භාරව ප්‍රතිකාර කරන ඇඹිලිපිටිය මහ රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය ජයජීව සුගතපාල මහතා කියයි. මවද මේ වන විට නිරෝගී සුවයෙන් සිටී. වෛද්‍යවරු පවසන්නේ රෝහලේ නාරි වෛද්‍යවරයාගේ සිට කාර්ය මණ්ඩලයේ දැඩි කැපවීම හා අවධානය නිසාම මේ ආකාරයෙන් දරුවන් බේරාගැනීමට හැකියාව ලැබී ඇති බවයි.

රෝහල තුළ නොමේරූ ළදරු ඒකකයේ විශාල අඩුපාඩුකම් රැසක් තිබෙන බවද වෛද්‍යවරු පවසති. එම නිවුන් දරුවන් පමණක් නොව තවත් ඒ ආකාරයෙන් දරුවන් බොහෝ ප්‍රමාණයක් අඩු පහසුකම් යටතේ වෛද්‍යවරුන් සහ කාර්ය මණ්ඩලයේ කැපවීම මත නොමේරූ ඒකකයේ සාර්ථකව ප්‍රතිකාර ලබා නිවෙස් බලා ගොස් තිබේ.

දරුවෙක් වර්ධන සම්පූර්ණය වෙන්න මවු කුස තුළ සති 40ක් ඉන්න ඕනෑ. මේ දරුවන් සති අඩු ගාණෙන් හම්බවෙනව කියන්නේ දරුවා ජීවත්වීමේ අවදානමකට ලක්වෙනවා. ඒකෙනුත් සති 28/29 කියන්නේ ඉතාමත් නොමේරූ තත්ත්වයේ දරුවන්. දරුවගේ ස්වසන පද්ධතිය, ආහාර ජීර්ණ පද්ධතිය, වකුගඩු අන්තරාසර්ග පද්ධතිය, හෘදය වස්තුව මේ හැම දෙයින්ම දරුවා කුස තුළ වර්ධනය වෙලා දරුවන් තවදුරටත් මෝරන්න ඕනෑ. මේ දරුවන් එළියට ගත්ත කියන්නේ ඉතාමත් ප්‍රවේසමෙන් ජීවත් කරන්න වෛද්‍යවරුන්ට කාර්ය මණ්ඩලයට ලොකු පරිශ්‍රමයක් දරන්න වෙනවා. මේ දරුවන්ගේ උෂ්ණත්ව පාලනය ප්‍රශස්ත මට්ටමින් පවත්වා ගෙන යා යුතුයි. මේ ඔක්කොම පාලනය කරගෙන යද්දී පිටතින් එන බාධක එනවා. පිටතින් එන විෂ බීජ විශාල ගැටලුවක් වෙනවා. මේ සියලුම දේවල් පාලනය කිරීම තමයි ළමා දැඩි සත්කාර ඒකකයක තියෙන අභියෝගය.

ඇඹිලිපිටිය වැනි දුර ප්‍රදේශයක පහසුකම් අඩු රෝහලක මේ වගේ දරුවන් බේරා ගැනීමයි වැදගත්කම. ඇඹිලිපිටිය මහ රෝහලට දිස්ත්‍රික්ක කිහිපයකින්ම දරුවන් ඇතුළත් කරනවා. වෙනත් රෝහල්වලින් නොමේරූ ළදරු ඒකකයට අපි දරුවන් ගන්නවා. රත්නපුර, මාතර, මොනරාගල, හම්බන්තොට යන දිස්ත්‍රික්කවලින් මේ රෝහලට රෝගීන් ඇතුළත් වෙනවා. අපි තංගල්ල රෝහලින් පවා දරුවන් ලබාගන්නවා මේ රෝහලට. අනාගතයේදී මේ තත්ත්වය අපිට වැඩි කරන්නත් පුළුවන්.

ඒ සඳහා තව පහසුකම් තියෙනවා නම් අපිට මේ තත්ත්වය වර්ධනයක් දකින්න පුළුවන්. කෘත්‍රීම ස්වසනය ලබාදෙන මැෂින් (වෙන්ටලේටඩ්) තුනයි තියෙන්නේ, තව තුනක්වත් අපිට තියෙනව නම් අපේ සේවය තවත් වැඩි කළ හැකියි. මේ මැෂින් විතරක් තිබුණට මදි. ඒකට මේ ඉන්න කාර්ය මණ්ඩලයත් එක්ක අවශ්‍ය ගෑස්, ඔක්සිජන්, ඉඩකඩ කියන දේ තිබුණ නම් අපිට පුළුවන් අපේ සේවය තවත් පුළුල් කරන්න.

ඇඹිලිපිටිය මහ රෝහලේ නොමේරූ ළදරු ඒකකය පහසුකම් අඩු සහ කුඩා ඉඩ ප්‍රමාණයක පිහිටීම හේතුවෙන්ම මෙහි කටයුතු කිරීමේදී මේ වන විට දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත. බලධාරීන් මේ සම්බන්ධව සොයා බලා කටයුතු කළ යුතු කාලය එළඹ ඇත.
ඕමල්පේ – ප්‍රගීත් ජනක

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ලන්ඩනයේදී ගුවන් යානයක් කඩා වැටේ

July 14, 2025

හිටපු ඇමැතිගේ මිනීමැරුම යළි එළියට

July 16, 2025

අහමදාබාද් ගුවන් අනතුර ඉන්ධන වසා දැමුවේ කපිතාන් සුමිත්ද?

July 14, 2025

සාපෙළ විෂයන් 07කට සීමා කෙරේ

July 15, 2025

රවි කටකයට

July 13, 2025
Related News
ප්‍රාදේශීය පුවත්

කහවත්ත තරුණයා ඝාතනයට ඇල්ලූ 2ක් 28 තෙක් රිමාන්ඩ්

ප්‍රාදේශීය පුවත්

මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියෙන් ‘මතුගම’ට කැපිල්ලක් – මේක කරන්නේ කාගේ වුවමනාවටද?

ප්‍රාදේශීය පුවත්

සියඹලාණ්ඩුවේ ගම් කිහිපයක් ටොනේඩෝව සොලවා දමයි

ප්‍රාදේශීය පුවත්

විෂයන් 9ට ගම්පහ වැඩිම A මෙවරත් රත්නාවලි බාලිකාවට

ප්‍රාදේශීය පුවත්

බලධාරීන්ගේ අවධානයෙන් ගිලිහුණු විසිතුරු මත්ස්‍ය කර්මාන්තය කඩාවැටිලා

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok